Last Updated on May 24, 2021 by Desman Chathuranga
නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (24) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවුනා.
තමන් නීතිපති ධුරයෙන් විශ්‍රාම යන බව අග්‍රාමාත්‍යවරයාට සැළ කර සිටි ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා තම සේවා කාලය තුළ විශාල නඩු සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තීරණය කොට ඉදිරි කටයුතු සිදු කිරීමට හැකි වූ බව පෙන්වා දුන්නේය.
මෙරට තීරණාත්මක නඩු කිහිපයකටම අදාළව කටයුතු කිරීමට ලැබීම මෙන්ම තවත් විශාල අපරාධමය නඩු සංඛ්‍යාවකට මුලපිරීමට සහ එම විමර්ශන සම්බන්ධව උපදෙස් දීම ද තම සේවා කාලය තුළ සිදුවූ සේවාවක් බව ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ විශ්‍රාම දිවියට සහ ඉදිරි කටයුතුවලට සුබ පැතුම් එක් කළේය.

More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?