Last Updated on June 7, 2021 by Panduka Herath
පවතින කොවිඩ් වසංගත තත්වය දක්වා කාලය තුල සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට මුහුණ පෑමට සිදුව ඇති අවධානම් සහගත තත්වය සඳහා කඩිනමින් පිළියම් යොදන ලෙසත් එසේම දීර්ඝ කාලීනව පවතින ගැටලූ සඳහා කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසත් කල ඉල්ලිම් සදහා කිසිඳු අවධානයක් යොමු නොවු බව කියමින් සමස්ත ලංකා සුවසේවා සංගමය වෘත්තීය ක්‍රියාමාර්ග ගැනිමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට 08 වන දින සිට දිවයින පුරා රෝහල් හා සෞඛ්‍ය ආයතන තුළ වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේන බව සමස්ත ලංකා සුවසේවා සංගමය පවසයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට බලපාන ගැටලූ හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඞ් අපහසුතාවන්ට මුහුණ දී ඇති අතර එම තත්වය ක්ෂේත්රය තුළ නොසන්සුන්තාවයක් දක්වා වර්ධනය වී ඇති බවයි එම සංගමය පෙන්ව දෙන්නේ. පවතින ගැටලූ සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට කොතෙකුත් උත්සායන් ගත්තද ඒ සඳහා සෞඛ්‍ය බලධාරීන් දිගින් දිගටම නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවද ඔහුන් පවසනවා.
ඒ අනුව 2021.06.08 වන දින ඌව පළාත,2021.06.10වන දින මධ්‍යම පළාත හා වයඹ පළාත,2021.06.11 බස්නාහිර පළාත හා නැගෙනහිර පළාත, 2021.06.14 වන දින දකුණු පළාත හා සබරගමු පළාතට අයත් රෝහල් හා සෞඛ්‍ය ආයතනවල පෙ.ව 11 සිට 12.00 දක්වා විරෝධතා උද්ඝෝෂණ පැවැත්වේ.
ලංකා සුවසේවා සංගමය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් පහත දැක්වේ ….
- පවතින හදිසි තත්වය යටතේ අත්‍යාවශ්‍ය රාජකාරී ඉටුකරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා විධිමත් පරිදි ප්‍රවාහන
පහසුකම් ලබානොදීම, - කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය ආරක්ෂිත උපකරණ අඛණ්ඩව ප්‍රමාණවත්ව ලබා නොදීම,
- සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට අදාල ආරක්ෂිත නියමයන් ක්‍රියාත්මක නොකිරීම,
- ආදේශක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ස්ථිර නොකිරීම හේතුවෙන් එම කාර්ය මණ්ඩලය අනතුරේ හෙලීම,
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුළ විවිධාකාරයෙන් ක්‍රියාත්මක කිරීම,
- විශේෂ #කොවිඩ් අනතුරු දීමනාව සමස්ත කාර්ය මණ්ඩලයටම ලබා නොදීම,
- කොවිඩ් එන්නත ලබාදීම සහ නිරෝධායන විධික්රම අවභාවිතා කිරීම,
- නිම කරනු ලබන රාජකාරී සඳහා නියමිත පරිදි ගෙවීම් නොකිරීම,
- එකඟ වූ නිල ඇඳුම් දීමනාව ලබානොදීම,
- එකඟ වූ දින 05 සතිය ක්‍රියාත්මක නොකිරීම,
- බහුකාර්ය සංවර්ධන බලකා සාමාජිකයින් සෞඛ්‍ය කාර්ය මණ්ඩල රාජකාරී සඳහා අනීතිකව යෙදවීම,
- වාර්ෂික උසස්වීම් ක්‍රියාත්මක නොකිරීම….
https://buystromectolon.com/ – Stromectol
priligy without prescription
hydroxychloroquine 200 mg price