counter hit xanga
October 21, 2021

බැචෙලට් නෝනාගේ කාර්යාලය කොට උඩ?

Last Updated on June 7, 2021 by Panduka Herath

මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR)හරහා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව සමීපව අධීක්ෂණය කිරිම සදහා කාර්යාලයක් පිහිටුවිමට ගත් උත්සහය අසාර්ථක වි තිබේන බව වාර්තා වේ.ඊට මුලික හේතුව වි ඇත්තේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානය OHCHR අපේක්ෂා කළ මුදලින් සියයට 50 කට වඩා අඩු කර තිබිමයි.

2021 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව විසින් සම්මත කරන ලද යෝජනාවට අදාළ කරුණු බලාත්මක කිරීම සඳහා වෙනම ලේකම් කාර්යාලයක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තීරණය කර තිබුනා. ඒ හරහා විශ්වීය අධිකරණ බලය ක්‍රියාත්මක කරන රටවල් භාවිතා කිරීම සඳහා සාක්ෂි රැස් කිරීමට නියමිතව තිබුනා.

ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් අවශ්‍ය බැවින් එක්සත් ජාතීන්ගේ දැනට සිටින කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාව අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවත් 2021 වසර අගදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අරමුදල් අනුමත කිරීමෙන් පසුව අනිකුත් කටයුතු ක්‍රියාත්මක කිරිමට නියමිත බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් Michelle Bachelet (මිෂෙල් බැචලෙට්) සදහන් කර තිබුනේ.

එක්සත් ජාතීන්ගේ යෝජනාවට අනුව ලේකම් කාර්යාලය ක්‍රියාත්මක කිරීම සඳහා මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් 2,856,300 ක අයවැය පිරිවැයක් සහිත 13 දෙනෙකුගෙන් යුත් ලේකම් කාර්යාලයක් පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මිෂෙල් බැචෙලෙට් උත්සාහ කර තිබු අතර එහි සංයුතිය පහත පරිදි වේ.

ශ්‍රී ලංකාවේ සේවය කිරීම සඳහා නව සේවකයින් 12 දෙනෙකු බඳවා ගැනීමට OHCHR අපේක්ෂා කරන අතර, ජාත්‍යන්තර අපරාධ යුක්තිය පිළිබඳ අත්දැකීම් ඇති නීති උපදේශකයින් සහ / හෝ අපරාධ පරීක්ෂණ සහ කණ්ඩායම සම්බන්ධීකරණය කිරීම සහ තොරතුරු හා සාක්ෂි එකතු කිරීමේ උපාය මාර්ග අධීක්ෂණය කිරීම, විශ්ලේෂකයින්, විමර්ශකයින් / මානව හිමිකම් නිලධාරීන් සහ වින්දිත සහායක නිලධාරීන් ඒ යටතේ බදවා ගැනිමට නියමිතව තිබුනා.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට් යටතේ ක්‍රියාත්මක වීමට නියමිතව තිබු එම කාර්‍යාල යන්ත්‍රණය අපේක්ෂා කළ මුදලින් සියයට 50 කට වඩා අඩු මුදල් අනුමත විම හරහා මේ වනවිට අක්‍රීය තත්ත්වයේ එකක් බවට පත්වෙමින් තිබේන බවයි වාර්තා වන්නේ.