Last Updated on May 24, 2021 by Desman Chathuranga
ඉන්දියාවේ පැතිර යන Black fungus රෝගය වැළඳුණු පුද්ගලයෙකු මෙරට, අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වුණු බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවු අතර එම පුවත සමාජ මාධ්‍ය භාවිතා කරමින් රට ගිනී තියන අමනයන්ට මාරම පුවතක් විය.
කෙසේ වෙතත්, ඒ පිළිබඳව අදහස් දක්වමින් අම්පාර ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ, අම්පාර කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් රෝගියෙකු Black fungus සෑදීමෙන් මිය ගිය බවට පැතිරෙන පුවත අසත්‍ය බවය.අදාළ රෝගියා මිය ගොස් ඇත්තේ ඉහත කී දිලීරය මගින් නොව, බහුලව හමුවන ඊස්ට් (Yeast) වර්ගයේ දිලීරයකින් බව අම්පාර මහ රෝහලේ ක්ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරයා විසින් තහවුරු කරන ලද බව වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
නමුත් පැය කිහිපයක් තුල කිසිදු වගකිමක් නොමැති මාධ්‍ය ආයතන මෙන්ම අමන සමාජ මාධ්‍ය හිමිකරුවන් සිය දේශපාලන අවශ්‍යතාව ඒ හරහා ඉටුකර ගැනිමට සමත්වු බව නොරහසකි. වසංගතය මර්දණය කිරිමට සමාන්තරව අසත්‍ය භීතිකාවන් ජනතාව තුල පතුරුවා හරින වගකිම් විරහිත මාධ්‍ය සහ අමන සමාජ ජාලා පරිශීලකයන් සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ සදහා රටේ පවතින නීතිය ක්‍රියාත්මක කල යුතුය. රජය ඒ සම්බන්ධයෙන් වහාම සිය අවධානය යොමුකල යුතුය.
මොකක්ද මේ Black fungus රෝගය
Black fungus යනු Mycormycosis ලෙස හැඳින්වෙන කලාතුරකින් (uncommon) දැකිය හැකි දිලීර රෝගයකි. මෙම දිලීරය සෑම දෙනාගේ ම පාහේ නාස් පුඩුවල පැවතිය හැකි අතර අවස්ථානුකූලව (opportunistic) අපව රෝගී තත්ත්වයට පත් කරයි.
මෙය පරිසරය තුළ ද බහුලව ඇත. උදාහරණ ලෙස පස්, අතහැර දැමූ ගොඩනැගිලිවල බිත්තිවල මෙම දිලීරය හමුවිය හැකි වේ.මෙම දිලීර මගින් ඇස්, මොළය,පෙනහලු සහ ආහාර මාර්ගය ආදී ස්ථානවල රෝගය ඇති කරන අතර සමහර අවස්ථාවලදී මුළු ශරීරය තුළ ම පැතිරි යා හැකිය.
ඇති වන රෝග ලක්ෂණ ආසාදනය වූ ඉන්ද්රිය අනුව තීරණය වන අතර බහුලව ම හමුවන්නේ කෝටරක ප්‍රදාහය සම්බන්ධ රෝග ලක්ෂණ වේ. එනම්, උණ, හිසරදය, ඇස් යට රිදීම ආදී රෝග ලක්ෂණ මෙම දිලීරය අසාදනය වුණු පුද්ගලයින්ගෙන් දැකිය හැකිය.ඇස්වලට රෝගය ඇතිවීමේදී ඇස් වටා ඇති වන ඉදිමීම, බොඳ වී පෙනීම (blurred vision) හා (ද්විත්වයක් ලෙස පෙනීම) double vision ආදිය ඇති විය හැක. වඩාත් ම දරුණු වන්නේ ඇස් හා මොළයට බලපාන Rhinocerebral තත්ත්වයයි.
මෙම රෝගය වැළඳීමට වැඩි අවදානමක් ඇති අය ලෙස ඒඩ්ස් රෝගීන්, පාලනයක් රහිත දියවැඩියාව ඇති අය, නිදන්ගත වකුගඩු රෝග ඇති අය, අවයව බද්ධ කළ අය, පිළිකා සහිත අය, දීර්ඝ කාලීනව ස්ටෙරොයිඩ් ඖෂධ ලබා ගන්නා අය, මන්දපෝෂණය ඇති අය හා වෙනත් හේතු නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල පුගලයින් හඳුනාගෙන ඇත.
Black fungus රෝග විනිශ්චය කරනුයේ, බයොප්සි (Biopsy) පරීක්ෂණයක් මගිනි.
මෙම රෝගය සඳහා ඖෂධ ඇති නමුත් රෝගය වැළඳුණු පසු ව එය දරුණු වී මරණයට පත්වීමේ ඉඩකඩ වැඩිය. සාමාන්‍යයෙන් ඇස්වලට හා මොළයට වැළඳෙන මෙම දිලීර රෝගය රෝගය නිසා 30%-70% ප්‍රතිශතයක් මරණයට පත්වෙයි.මෑතකදී ඉන්දියාවෙන් මෙම දිලීර රෝගය නිසා මරණයට පත්වූ රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීම නිසා එය සෑම දෙනාගේ ම අවධානයට ලක්විය.මෙය ඉන්දියාවේ පමණක් නොව කොවිඩ්-19 ලෝක ව්‍යාප්තියත් ලෝකයේ ඕනෑ ම තැනක වාර්තා විය හැකි තත්ත්වයක් වන අතර එය මූලිකව ම කරුණු තුනක් නිසා සිදුවිය හැක.
- ප්‍රතිශක්තිය අඩු අයට කොවිඩ්-19 රෝගය වැළඳීම.
- කොවිඩ්-19 රෝගය නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම.
- කොවිඩ්-19 රෝගයට ප්‍රතිකාර ලෙස Dexamethasone වැනි ස්ටීරොයිඩ් (Steroids) වර්ගයේ ඖෂධ අධි මාත්රාවලින් රෝගීන්ට ලබාදීම.
[url=http://cheapdrugs.store/#]male dysfunction[/url]
stromectol for sale stromectol 12 mg tablets stromectol for sale
cialis online free shipping price of cialis 20 mg
price of ivermectin stromectol ivermectin buy
cheapest cialis tadalafil 20 mg tadalafil 20mg
https://gabapentin.icu/# neurontin generic
cheap clomid clomid for sale
generic ivermectin buy stromectol