Last Updated on April 19, 2021 by Panduka Herath
මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුථ විත්තිකරුවන් 08 දෙනාට ඇප නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණයට එරෙහිව නීතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (19) අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
විත්තිකරුවන්ට ඇප නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීරණය දෝෂ සහිත බවත් එය නීතීයට පටහැනි බවත් සඳහන් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන්ට ඇප නියම කරමින් දුන් තීරණය බල රහිත කරන්නැයි නීතීපතිවරයා සිය ඇපෑල මඟින් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව Central Bank විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 3700 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 08 දෙනෙකු අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කෙරුනේ මාර්තු 17 වැනිදායි. පසුව අප්‍රියෙල් 1 වැනිදා රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන්ට ඇප ලබා ලබාදීමට අධිකරණය තීන්දු කළා.
බැඳුම්කර වංචා නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල දමිත් තොටවත්ත (සභාපති) මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.
More Stories
තෙල් මිල ඉහළ ගිය රහස!
පොහොට්ටුවේ “කහ සෙල්ලම” ගැන සජිත් කියයි!
භුමිතෙල් රු200කින් ඉහලට! ඉන්ධන මීලත් ඉහලට!