counter hit xanga
October 21, 2021

ගිනි නිවන්න බැසිල් 23 එයි!

Last Updated on June 13, 2021 by Panduka Herath

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මෙන්ම දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 දා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.බැසිල් රාජපක්ෂ මහතා පසුගිය මාසයේදි පෞද්ගලික හේතුවකට ඇමෙරිකාව බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙකු සදහන් කළේ බැසිල් රාජපක්ෂ මහතා පැමිණි වහාම පවතින ව්‍යාකුල තත්ත්වය සම්බන්ධයෙන් වහාම පියවර ගැනිමට කටයුතු කරනු ඇති බවයි.

මේ වන විට පොදුජන පෙරමුණේ පාර්ශ්වකරුවන් හා මන්ත්‍රීවරුන් අතර නිර්මාණය වි තිබේන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා නැවත පැමිණීමෙන් අනතුරුව සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.