counter hit xanga

බැසිල්ගෙන් ප‍්‍රසන්නට Call එකක්!

Last Updated on May 23, 2021 by Panduka Herath

කොරෝනා සම්බන්ධයෙන් රටේ මාධ්‍ය වල පලවන වාර්තා සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට රටේ සහ පක්ෂයේ අභ්‍යන්තර වැඩ කටයුතු පිළිබඳ නිරතුරුව සොයා බලන්නට විය.

ඒ අනුව හදිසියේම ප‍්‍රසන්න රණතුංගට බැසිල්ගෙන් දුරකථන ඇමතුමක් ලැබිණි.

“ප‍්‍රසන්න මොකක්ද මේ ගම්පහ හොස්පිටල් ඔක්සිජන් කථාව?” බැසිල් ඇසුවේය.

ගම්පහ රෝහල් වෛද්‍යවරයෙකුගේ සටහනක් පදනම් කර ගනිමින් ගම්පහ රෝහලේ ඔක්සිජන් හ`ිගයක් තිබෙන බව සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරයක් යමින් තිබුණි. බැසිල් ප‍්‍රසන්නගෙන් ඇහුවේ ඒ ගැනය. ඒ වන විටත් ප‍්‍රසන්න ඒ පිළිබඳව සොයා බලා තිබිණි.

“සර්… මම ඔය ගැන හෙව්වා. ඩොක්ටර්ලානම් කියන්නේ ඔය ඩොක්ටර්ගේ ඉංග‍්‍රිසී සටහනේ පරිවර්තනයට අර්ථකථනයක් දීලා කියලයි..” ප‍්‍රසන්න පැහැදිලි කළේය. “

ඔය ගැන මම දිස්ත‍්‍රික් ලේකම්තුමාටත් කථා කළා. අපි ගම්පහ දිස්ත‍්‍රික්කයේ රෝහල් අඩුපාඩු ගැන විශේෂයෙන් සාකච්ඡාවක් තියලා ඒවා සකසලා දෙන්න ක‍්‍රමවේදයක් හදලයි තියෙන්නේ..” ප‍්‍රසන්න තවදුරටත් බැසිල්ට පැහැදිලි කළේය.

“ඒක හොඳයි.. ඉක්මණින් ඒ ගැන අවශ්‍ය කටයුතු කරන්න. මොනවා හරි තියෙනවානම් මාවත් දැනුවත් කරන්න.” බැසිල් කීවේය.

පසුගිය සඳුදා ඒ අනුව ප‍්‍රසන්න ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් කැඳවූයේය. ඒ සඳහා ගම්පහ දිස්ත‍්‍රික්කයේ රෝහල් බලධාරීන් මෙන්ම මහජන නියෝජිතයන් ද කැඳවා තිබිණි. ප‍්‍රසන්නගේ උපදෙස් පරිදි ශ‍්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ නියෝජිතයන් පිරිසක් දිස්ත‍්‍රික්කයේ සියලූම රෝහල්වලට ගොස් එම රෝහල්වල අඩුපාඩු වෛද්‍ය ප‍්‍රධානීන් සමග ද සාකච්ඡා කරමිනි. ප‍්‍රසන්න සාකච්ඡාවට ගියේ ඒ වාර්තාව ද අතැතිවය.

“මොකක්ද මේ ගම්පහ හොස්පිටල් එකේ ඔක්සිජන් නැති කථාව..”ඇමති ප‍්‍රසන්න එහිදී ගම්පහ රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් ඇසුවේය.

“එහෙම එක්ක නෑ. එතැන සිදුවෙලා තියෙන්නේ අපේ වෛද්‍යවරයෙක් ලියූ සටහනක් වැරදියට පරිවර්තනය කරලා ඒකට දේශපාලන මුහුණුවරක් දීපු එක.” රෝහල් අධ්‍යක්ෂකවරයා කීවේය.

“ගම්පහ කිසිම ඔක්සිජන් හි`ගයක් නෑ. මාසික අවශ්‍යතාව ඉක්මවලත් නෑ..” ගම්පහ ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නලීන් ආරියරත්න මහතා කීවේය.

“‘ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියලූම රෝහල් පවතින කොවිඞ් තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන් විදිහට ශක්තිමත් කරන්න අපි කටයුතු කරගෙන යනවා. හැබැයි රෝහල්වල අවශ්‍යතාවයන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අය තමයි දන්නේ. ආණ්ඩුව සෞඛ්‍ය අංශයට අවශ්‍ය සියලූ පහසුකම් දෙනවා. හැබැයි අපිව දැනුවත් කරන්න…. ” ප‍්‍රසන්න ඉල්ලා සිටියේය.