counter hit xanga
October 21, 2021

පුරවැසිභාවය ඉවත් කරගන්න බැසිල් ඇමරිකාවට!

Last Updated on May 12, 2021 by Panduka Herath

මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අරමුණින් සිය පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා සිදුකළ යුතු ලේඛන කටයුතු වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා අද අළුයම ඇමරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව ගොස් තිබෙන බව ecast දේශපාලන වාර්තාකරු අනාවරණය කළා. බැසිල් රාජපක්ෂට ඉතා සමීප ආරංචි මාර්ග හරහා මෙම තොරතුරු අනාවරණය වි තිබේ.

පසුගිය කාලසීමාව තුල බැසිල් රාජපක්ෂගේ ඇමරිකානු පුරවැසි භාවය සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය දෙන පක්ෂය කිහිපයකම නායකයන්ටම අර්බුදයක්ව පැවැතියද මේ වනවිට එම අර්බුදකාරී තත්ත්වයය සමනය වි ඇත්තේ පුරවැසිභාවය ඉවත් කර ගැනිම සදහා බැසිල් කටයුතු කරමින් සිටි නිසා බවයි දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බලකායේ ප්‍රධානී තනතුරට අමතරව දේශගුණික විපර්යාෂයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්යසාධක බලකාය නමින් තවත් ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවා එහි සභාපතිධූරය බැසිල් රාජපක්ෂට ලබාදිමට පසුගියදා සිදුවු අතර ඒ සියල්ලම මෙම අරමුණ සහිතව දියත් කර තිබේන බවයි වාර්තා වන්නේ.