counter hit xanga
March 26, 2023

BR මුට්ටිය දමයි!

Last Updated on December 25, 2022 by Desman Chathuranga

ගෝඨාභය රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත්තේ අවශ්‍යතාව අනුව බව හිටපු අමාත්‍ය, පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.එවැනි අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ පිළිබඳ සලකා බලන බවයි සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවට එකතු වෙමින් බැසිල් රාජපක්ෂ සදහන් කර ඇත්තේ.

මහින්ද අගමැති ධූරයෙන් ඉවත් කිරීමට තම පක්ෂය එරෙහි වූ බවත් ඔහු ඉවත් කර රනිල් පත් කිරීමට හෝ ව්‍යවස්ථානුකූලව රනිල් වැඩ බලන ජනාධිපතිවරයා බවට පත්වීමට තමන් සම්බන්ධ නොමැති බවත් බැසිල් රාජපක්ෂ එහිදි අවධාරණය කර තිබේ.

කෙසේ වුව ද රටේ ප්‍රචණ්ඩත්වය පාලනය කර සාමය ස්ථාපිත කිරීමට සහ ආර්ථික අර්බුදය විසඳීමේ හැකියාව සලකා බලා පාර්ලිමේන්තු ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රසිංහට සහයෝගය ලබා දුන් බවත් ඔහු එය හිතුවාටත් වඩා හොඳින් කළ නිසා ඒ පිළිබඳ සතුටු වන බවත් බැසිල් රාජපක්ෂ වැඩි දුරටත් සඳහන් කරයි.