Last Updated on May 13, 2021 by Desman Chathuranga
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 19 සහ 20 යන දෙදිනේදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (13)තීරණය කළා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වු අවස්ථාවෙයි.
පාර්ලිමේන්තුව ලබන සතියේ දින තුනක් රැස්වීමටද එම කාරක සභාව තීරණය කර තිබේන අතර ඒ අනුව ලබන 18, 19 සහ 20 යන දිනවලදී පාර්ලිමේන්තුව රැස් වනු ඇත.
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු රැස්වීම් කල් දමන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදි ඉල්ලීමක් කර ඇති නමුත් ආණ්ඩුවේ පක්ෂ නායකයන් එම ඉල්ලීම එහිදී ප්‍රතික්ෂේප කල බවයි අප වාර්තාකරු සදහන් කළේ.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා භාර දුන් අතර අදාළ තින්දුව සහිතව පනත් කෙටුම්පත කතානායකවරයා විසින් ලබන 19 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
[url=http://cheapdrugs.store/#]erection pills[/url]
stromectol 3 mg tablets price stromectol stromectol for humans for sale