counter hit xanga
October 21, 2021

හාමුදුරුවනේ පන්සලට ගාටන බකයන්ගෙන් පරිස්සමෙන්!

Last Updated on May 16, 2021 by Panduka Herath

අභයාරාම විහාරස්ථානයේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පහුගිය කාලේම කොරෝනා ගැන විවිධ මත ප්‍රකාශ කල බව රටම දන්නා කරුණකි.උන්වහන්සේ කොරෝනා ගැන කතා කරනවාට වඩා ජනාධිපතිවරයාට උපදෙස් දෙන්නට යැයි එක් එක් අයට කරන ප්‍රකාශ ඒ තුල අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබුනි. උන්වහන්සේගේ එම ප්‍රකාශ වලින් පෙනෙන්නට තිබුනේ රාජ්‍ය පාලනයට තමන්ගේ උපදෙස් ලබා නොගැනිම ගැන කණගාටුවකි. ඒම කණගාටුව මැනවින් වටහාගත් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් දැන් පන්සලට ගාටන්නේ හාමුදුරුවන්ගෙන් උපදෙස් ගන්නා ගානට ගොස් උන්වහන්සේ ලවා විවිධ ප්‍රකාශයන් රටට නිකුත් කර ගැනිමය.

රාජපක්ෂලාට සමීප මෙන්ම පසුගිය මැතිවරණ සමයෙදි කැපවි කටයුතු කල අභයාරාම විහාරස්ථානයේ සිට රටට පණිවිඩ යෑම හරහා රටේ ජනමනස අවුල් කිරිම හැර වෙනත් දෙයක් නොවන් බව උන්වහන්සේ තෙරූම් ගත යුතුය. වසංගතයක් සමග පොරබදින රාජ්‍ය නායකයෙකුට පන්සලට පැමිණ සාකච්ඡාවල යෙදෙන්නට කාලයක් නොමැති බව අමුතුවෙන් කිවයුතු නොවේ.රාජ්‍ය පාලනයට උපදෙස් දිමට අවශ්‍ය නම් රටේ කොයි හිමිනමටත් අවස්ථාව තිබේ. සිංහල බෞද්ධකමට මුල්තැන දෙන වත්මන් ජනපති ප්‍රමුඛ රාජ්‍ය පාලනය කිසිම අවස්ථාවක එයට බාධා නොකරන බව උන්වහන්සේද හොදින්ම දනී. එසේ නොවන්නට අභයාරාමයට ගල්ගසා අවසන් ය.

මන්ත්‍රී සුමන්තිරන් සමග වජිරගේ අභයාරාම ගමන …

පසුගිය අඟහරුවාදා වජිර දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුමන්තිරන් මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අභයාරාම විහාරස්ථානයට ගොස් තිබුනා. අබේවර්ධන මහතා සුමන්තීරන් සමග එම ගමනට එක්ව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග විශේෂ සාකච්ඡාවකට අනතුරුවයි. ඒ වනවිටත් වික්‍රමසිංහ මහතා මාධ්‍යයට හඩපට දෙකක්ම් නිකුත් කර තිබු අතර ඒම ප්‍රකාශ සම්බන්ධයෙන් රටේ මිනිස්සු කෙසේවෙතත් ජාත්‍යන්තරව අවධානයද යොමුව තිබුනා.

මන්ත‍්‍රී සුමන්තිරන් සහ වජිර අභයාරාමයට ආවේ පැමිණියේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ බැහැදැක රටේ වත්මන් තත්ත්වය සාකච්ඡා කිරීමටය.

කොරෝනා ව්‍යසනය හමුවේ රට පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව දිගු වේලාවක් මෙහිදී සාකච්ඡා කිරීමෙන් අනතුරුව කොරෝනා වෛරසයට මුහුණ දී ජනතාවත් රටත් ඉන් මුදා ගැනීමට ජාතික වැඩපිළිවෙළකට වහා යොමු විය යුතු බව එහිදී යෝජනා කර තිබේ.ඒ සදහා ජාතික වැඩපිළිවෙළ ගොඩනැගීම සම්බන්ධව නාහිමියෝ සමග පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.කොරෝනා වෛරස ව්‍යාප්තිය හා රෝහල්වල උද්ගතව තිබෙන තත්ත්වය පිළිබඳව මුරුත්තෙට්ටුවේ නාහිමියෝ මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ අතර හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීම පිළිබඳව තමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාව ගැන එහිදී සුමන්තිරන් මන්ත‍්‍රීවරයා දීර්ඝ වශයෙන් කරුණු දක්වා තිබේ.

සුමන්තීරන්ගේ සහ වජීරගේ දේශනවල අවසාන ඉල්ලිම වුයේ “අපේ හාමුදුරුවෝවත් මේවා රටට කිව්වා නම් හොදයි යනුවෙනි.” සුමන්තීරන්,වජීර පමණක් නොව තනතුරක් වෙනුවෙන් ආණ්ඩුවේ සිට ආණ්ඩුවම විවේචනය කරන විජේදාස මහත්තයාද පහුගිය ටිකේම පන්සල පැත්තේ ගැටු අයෙකි. ඊට අමතරව විපක්ෂයේ අදුරු සෙවනැලි රැසක්ම් පන්සල පැත්තට වැටෙන බව මෙ දිනවල ප්‍රසිද්ධ රහසකි.

ආණ්ඩුව සංචරණ සීමා පනවනු ලැබ ඇත්තේ නීති විරෝධී ලෙස බව කියමින් සංචරණ සීමා පැනවීමට විරුද්ධව නඩු දැමීමට පුරවැසියන්ට හැකි බව කීයමින් ජනතාව තුල වෛරී සහගත ආකල්පයක් පතුරුවා කුහක විනෝදයක් ගැනීමට කටයුතු කල වජීර වැන්නෙකුට රටේ ජනතාව ගැන කැක්කුමක් තිබිය හැකි යැයි අප සිතන්නේ නැත. වසංගතය පැතීර යැම වැලැක්වීමට රජය කටයුතු කරමින් සිටින් අවස්ථාවක උතුරේ කොටි සැමරුම් පැවැත්විමට දමිළ දේශපාලකයන් කරනමින් සිටින සංවිධානාත්මක කටයුතු නතරකරන ලෙසට වචනයක් කියන්නට බැරි සුමන්තිරන්ලා මේ එන්නේ හොදකට නොවේය. එය ස්වාමින්වහන්සේලා මෙන්ම රටේ ජනතාවද තෙරුම් ගත යුතුය.

බොරු කීම නොයෙක් පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තා හට අන් පව් කිරීමට ද වඩා ඉඩක් නැත. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව, එකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝවිතිණ්ණ පරලොකස්ස – නත්ථි පාපං අකාරියං

මිට අමතරව විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම අභයාරාමයට බඩ ගාන්නට පටන් ගෙන තිබේ. බැලු බැල්මට ආනන්ද නාහිමියන්ට එය රටේ ජනතාව වෙනුවෙන් බඩ ගැමක් ලෙස පෙනෙන්නට පුලුවන.නමුත් ඇත්ත එය නොවන බව උන්වහන්සේද තෙරුම් ගත යුතුය. මන්ද වැල නොකැඩි ඔහුන් එන්නේ කෙළවා යන්නට මිස වෙන දෙයකට නොවන බව ඉතිහාසය පුරාම ඔප්පු කර තිබේන බැවිනි.

-සකලබුජන් –