counter hit xanga
June 26, 2022

60 පැනලද? Pfizer එනකම් ප්‍රවේශමෙන් ඉන්න

Last Updated on May 12, 2021 by Panduka Herath

pfizer (ෆයිසර්) එන්නත් මාත්‍රා ලැබුණු සැනින් වයස අවුරුදු 60ට ඉහළ අය එන්නත්කරණය ආරම්භ කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. sputnik (ස්පුට්නික්) හා Sinopharm සයිනෝෆාම් කොවිඩ් මර්දන එන්නත් වයස අවුරුදු 60ට ඉහළ අයට ලබාදීමට නිර්දේශ නොමැත.

කෙසේවෙතත් අධීක්ෂණ තත්ත්ව යටතේ sputnik (ස්පුට්නික්) වයස අවුරුදු 60ට ඉහළ අයට දීමට නිර්දේශ කර තිබේ. නමුත් අධික්ෂණ තත්ත්වය යටතේ අදාළ එන්නත මෙරට අවුරුදු 60ට වැඩි අයට ලබානොදෙන බවද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කර සිටි. ලෝක සෞඛ්‍ය නිර්දේශ අනුව ෆයිසර් එන්නත වැඩිහිටියන්ට ඉතා ආරක්‍ෂිත බව තහවුරු කර තිබේ.