counter hit xanga
March 28, 2023

රනිල් රාජපක්ෂ, නිසා බහුතරයක් ලංකාවට එරෙහි වෙයි!

Last Updated on September 26, 2022 by Desman Chathuranga

මේ වෙනවිට පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේ 51 වන සැසි වාරයේදී වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ක්‍රියා කලාපය මූලික කර ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලැබෙනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මෙම ඡන්ද විමසීමේදී සාමාජික රටවල් 47ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා තිබෙන අතර එයින් ඡන්ද 24කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට විරුද්ධව ලැබෙනු ඇති බවයි ඔහුන් විශ්වාසය පලකර ඇත්තේ.ලංකාව වෙනුවෙන් ඡන්ද 12ක් පමණ ලැබෙනු ඇති බවත්, ඉතිරි රටවල් ඡන්දය දීමෙන් වැළකී සිටීමට ඉඩ ඇති බවද ජාත්‍යන්තර විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

මෙම සැසි වාරයේදී පාලකයන්ගේ ආර්ථික අපරාධ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ලෙස මුල් වරට ඉදිරිපත් කරන ලද අතර ගෝඨාභය රාජපක්ෂ පාලනයේදී මෙන්ම රනිල් වික්‍රමසිංහ පාලනයේදී ද ඒ ආකාරයෙන්ම ආර්ථික, සමාජ මෙන්න දේශපාලන අපරාධ සිදු කරමින් පවතී.