Last Updated on May 4, 2021 by Panduka Herath
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය හෙට (05) දිනයේ නොපැවැත්වීමට කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළා.
ඒ වෙනුවට අද දින ආරම්භ කරන ලද “රටේ පවතින වර්තමාන තත්ත්වය” පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය හෙට (05) දිනයේ ද පෙරවරු 10 සිට පස්වරු 4.30 දක්වා තවදුරටත් පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සදහන් කළා.හෙට දිනයේද විවාදය පාර්ලිමේන්තුව දිවා ආහාරය සඳහා අත්හිටුවීමකින් තොරව පැවැත්වෙන බවද මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මෙතෙක් කථානායකවරයාට නොලැබීම හේතුවෙන් මෙලෙස විවාදය 05 වැනිදා නොපැවැත්වීමට තීරණය කළ බව දසනායක මහතා කීවේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ලැබුණු පසු මීළඟ පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමට තීරණය කර තිබේ.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!