Last Updated on April 18, 2021 by Desman Chathuranga
බදු ගෙවන්නන් විසින් ලබාදි ඇති චෙක්පත් 6878ක් 2020 වසරේ දෙසැම්බර් මාසය වන විට අගුරුවි තිබු අතර එහි වටිනාකම රුපියල් කෝටි 245ක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
මෙම තොරතුරු අනාවරණය වි ඇත්තේ පසුගිය 24 වැනිදා රාජ්‍ය ගිනුම් කාරක සභාව වෙත දේශිය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබේන වාර්තාවක් හරහාය.
එම වාර්තාවට අනුව 2020 දෙසැම්බර් 31 වැනි දිනට ගෙවිම් පැහැර හරින ලද බදු ගෙවිය යුතු ව්‍යාපාරිකයන්ගෙන් අයවිය යුතු බද්ද සහ දඩය රුපියල් කෝටි 3151ක්.
2018 වසරේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ මුළු හිඟ ආදායම රුපියල් ට්‍රිලියන 1.3 ක් බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) සභාපති මහාචාර්ය තිස්ස විතාරණ කළ විමසීමකදී මෙම තොරතුරු අනාවරණය වු අතර රුපියල් බිලියන 03 ක වටිනාකමින් යුතු චෙක් පත් 8060 ක චෙක්පත් අගරුවීම මෙම තත්ත්වයට හේතු වු බවයි විගණාකාධීපති දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී තිබුණේ.
ශ්‍රී ලංකාවේ මහා පරිමාණයේ බදු ගෙවන්නන් 2192 ක් සිටින අතර එයින් 532 ක් බදු ආදායමෙන් 70.2% ක් ගෙවීමට දායක වන බවද අනාවරණය වුනා.
More Stories
ඇමරිකානු උද්ධමනය අඩු කිරීමේ පනතට එරෙහිව යුරෝපා සංගමයෙන් ප්‍රති පියවර
අය වැය සහ ණය වැය තුලින් මතුවෙන බදු අසහනය
විදුලි බිල් ගෙවීම වර්ජනය කරමු – කුසල් පෙරේරා