Last Updated on May 5, 2021 by Desman Chathuranga
යහපාලන සමයේ බැඳුම්කර වෙන්දේසියේ දී භාණ්ඩාගාර බැඳුම්කර වංක ලෙස සාපරාධී සාවද්‍ය පරිහරණය කර රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා මත කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය පවරා තිබේන නඩුව ලබන ජුනි මස 7 වන දා කැඳවන ලෙස නියෝග කරනු ලැබුවා.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබේන නධුව අද කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණය හමුවේ කැදවු අවස්ථාවේ කොරෝනා වෛරස ව්‍යප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය අනුව විනිසුරු මඩුල්ල විසින් මෙම නඩුව නැවත ලබන ජුනි මස 7 වන දින කැඳවීමට නියම කර තිබේ.
ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දමිත් තොටවත්ත, චම්පා ජානකී රාජරත්න, දමිත් තොටවත්ත සහ නාමල් බලල්ලේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වන අතර හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම, එම සමාගමේ හිමිකරුවන් වන ජෙෆ්රි ඇලෝසියස් සහ අර්ජුන ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන, එම සමාගමේ අධ්යක්ෂවරුන් ලෙස කටයුතු කළ පුෂ්‍ය මිත්‍ර ගුණවර්ධන, චිත්ත රන්ජන් හුළුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නීතිපතිවරයා නම් කර තිබේ.
More Stories
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි
රනිල් සහ මෛත්‍රීගේ වෘත්තීය සමිති කල්ලි දෙකක් ජාතික රෝහලේදී ගැටුමක!
මාර්තු 09 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ