Last Updated on April 29, 2021 by Panduka Herath
යහපාලන ආණ්ඩුව පත්වු විගසම මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරිම හරහා රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට පවරා ඇති නඩුව විත්තිකරුවන් දෙදෙනකු නොමැතිව විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (29) තීරණය කරනු ලැබුවා. ඒ අනුව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනකුට එරෙහි නඩුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන අජාන් ගාර්දිය පුංචිහේවා නොමැතිව නඩුව විභාග කරනු ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි දිරිහාගම මහත්මිය ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල හමුවේ ඉල්ලා සිටියේ අදාළ විත්කිකරුවන් දෙදෙනා නොමැතිව නඩුව විභාග කරන ලෙසයි.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන අජාන් ගාර්දිය පුංචිහේවා නැමැති විත්තකිරුවන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පැනගොස් සැඟවී සිටින බවයි අධිකරණය හමුවේ අවධාරණය වුනේ.
ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල අමල් රණරාජා (සභාපති), නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත වෙයි.
More Stories
සනත් නිශාන්ත, මිලාන් ජයතිලක අත්තඩංගුවට!
බබා පාට් එපා.. මිනිමරු මහින්දයි, මැර කල්ලියයි වහාම අත්තඩංගුවට ගන්න!
අගමැතිකම වෙනුවෙන් පාවලා දුන්නා…. රනිල්, ලැජ්ජයි, විලිලැජ්ජයි!