counter hit xanga
February 3, 2023

යාපනයේ පාන් මිළ වැඩි නොවේ!

Last Updated on September 5, 2022 by Desman Chathuranga

යාපනයේ පාන් මිල රු. 300 දක්වා කිසිසේත්ම ඉහළ නොදමන බවත් පෙර සේම රුපියල් 200 බැගින් පාන් ගෙඩියක් අලෙවි කරන බවත් යාපනය දිස්ත්‍රික් බේකරි හිමියන්ගේ සමුපකාර සංගමයේ සභාපති කන්දසාමී ගුණරත්නම් පවසයි.

පාන් නිපදවීමට අවශ්‍ය තිරිඟු‍ පිටි ප්‍රීමා සමාගම විසින් මිල ඉහළ දමා නොමැති බවත් තවමත් යාපනයේ බේකරි හිමියන්ට එම සමාගමෙන් තිරිඟු‍ පිටි මිටියක් රුපියල් 12500 කට ලබා දෙන බවත් මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නා.

කොළඹ බේකරි හිමියන්ට වෙනත් සමාගම්වලින් හා ව්‍යාපාරිකයන්ගෙන් ලැබෙන තිරිඟු‍ පිටිවල මිල ගණන් ඉහළ යෑම හෙතුවෙන් ඔවුන් පාන් ගෙඩියක මිල සහ සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඊට සරිලන ආකාරයට ඉහළ දැමූවද යාපනයේ කිසිම පළාතක පාන් හා සෙසු බේකරි නිෂ්පාදන මිල ගණන් ඉහළ නොදමන බව කන්දසාමී ගුණරත්නම් අවධාරණය කළේය.

මේ අතර තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් මේ මොහොතේ තිරිඟු පිටි සඳහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බවත් වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සමග පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා සදහන් කර සිටියේ මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක සමග පැවති සාකච්ඡාවකදී මසකට අවශ්‍ය පිටි නිෂ්පාදනය කිරිම සඳහා වූ තොග ඔවුන් සතුව ප්‍රමාණවත්ව තිරිඟු තොග පවතින බව එම සමාගම් දෙක ප්‍රකාශ කර තිබේන බවයි.

තුර්කිය හා ඩුබායි යන රටවලින් ඇනවුම් කර ඇති තිරිඟු පිටි තොග සැප්තැම්බර් මස 15 පමණ වන විට මෙරටට ලැබීමට නියමිත බැවින් ඉදිරියේදී වෙළෙඳපළේ තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.