counter hit xanga
March 26, 2023

ණය හැර විසදුම් නැති අය-වැය!

Last Updated on November 19, 2022 by Desman Chathuranga

පාර්ලිමේන්තුවේ 134 දෙනෙකු විසින් පත්කරගත් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරන ලද 2023 වර්ෂයට අදාළ අයවැය ඇස්තමේන්තු අනුව ලබන වසරේ සමස්ත ණය ගැනීම් රුපියල් කෝටි 497,900ක් වන බව අනාවරණය වි තිබේ.

ඇස්තමේන්තු කර තිබෙන මුලු ආදායම් සහ අනෙකුත් ලැබීම් රුපියල් කෝටි 345,600ක් ලෙස දැක්වේන අතර ණය වාරික සහ පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි 442,500ක් වැය වෙන බවද ඇස්තමේන්තු කර තිබේ.මෙම ඇස්තමේන්තු අනුව ණය පොලී ගෙවීමට පමණක් රුපියල් කෝටි 240,000ක් වැය වේ.මේ අනුව ලබන වර්ෂය අවසන් වනවිට රටේ සමස්ත ණය බර කෝටි ලක්ෂ 30ක් (රුපියල් ට්‍රිලියන 30ක්) ආසන්න වී ඇත.

මේ අතර රාජ්‍ය ආයතන 04ක සම්පූර්ණ ණය බර මහා භාණ්ඩාගාරයට පවරාගෙන විකුණා දැමීමේ සැලසුම අය වැය කතාවෙන් අනාවරණය වුනා.එ අනුව විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය, ඛනිජ තෙල් සංස්ථාව සහ ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම මේ අකාරයට විකුණා දමනු ඇත.

රට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය, ජනතාවගේ ජීවන වියදම ප්‍රශ්නය, ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ කිසිදු යෝජනාවක් මෙවර අයවැයෙන් ඉදිරිපත් වී නොමැති වි ඇති අතර එය හුදෙක් විකිණීම සහ බලය පවත්වාගෙන යෑම අරමුණු කරගනිමින් නිර්මාණය කල එකක් බව පැහැදිලිය. නිදහස් සෞඛ්‍ය මුදලට යටකිරිම සදහා කුප්‍රකට ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනිම සදහා පලමු පියවර ලෙස රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරීමටද රනිල් අද යෝජනා කර සිටියා.