counter hit xanga
February 4, 2023

ගෙදර ඉදන් සතොසෙන් බඩු ගන්න

Last Updated on May 29, 2021 by Desman Chathuranga

සංචරණ සීමා පනවා ඇති කාලය තුළ සතොස අලෙවිසල්වලින් නිවෙසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට වැඩසටහනක් සකස් කර ඇතැයි වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

සතොස ක්ෂණික ඇමතුම් අංකය වන 1998ට ඇමතීමෙන් හෝ www.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් භාණ්ඩ ඇණවුම් කළ හැකි බවත්, රුපියල් දහසේ හෝ පන්දහසේ භාණ්ඩ මලු හෝ වෙනත් භාණ්ඩ ඇණවුම් කළ හැකි බවත් අමාත්‍යවරයා පැවැසීය.

වෙළෙඳ අමාත්‍යාංශයේදී ඊයේ (28) පෙවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සදහන් කළේ සතොස වෙබ් අඩවියේ භාණ්ඩ සහ ද්‍රව්‍ය 114ක් ඇතුළත්ව ඇති බවත්, එම ඕනෑම භාණ්ඩයක් ඇණවුම් කළ හැකි බවත්ය.