Last Updated on May 25, 2021 by Desman Chathuranga
චීන රජය විසින් ප්‍රදානය කරන sinopharm (සයිනොෆාම්) එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් අද දිනයේ ශ්‍රි ලංකාවට රැගෙන ඒමට නියමිතයි. එම එන්නත් මාත්‍රා හෙට සිට එන්නත්කරණ වැඩසටහනට යොදා ගන්නා බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතාවට ලබා දීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
මේ අතර චීනයේ නිෂ්පාදිත sinopharm එන්නත් එක්කෝටි හතලිස් ලක්ෂයක් මිලදී ගැනිම සදහා ඇමරිකා ඩොලර් කෝටි විසිදෙකක් වෙන් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් ඉදිරිපත් කල කැබිනට් සංදේශයකට ඊයේ අවසර හිමි වුනා.
මෙම එන්නත් තොගය කොටස් කීපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇති අතර තොග සියල්ල ලබන නොවැම්බර් තිස් වැනිදාට පෙර ගෙන්වීමට නියමිතයි.
More Stories
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!
රනිල් පච කියද්දී, bloomberg ඇත්ත කියයි!
දවස් 5ට ඩොලර් මිලියන 308 ක් අරන් දාපු සෙල්ලම!