counter hit xanga
October 22, 2021

මහා මොළකරු ගැන කතා බෑ! සජිත්ගෙන් තහනම් නියෝගයක්!

Last Updated on May 15, 2021 by Panduka Herath

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස සමගී ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය මන්ත්‍රී කණ්ඩායමට තහනම් කර තිබේන බව ecast දේශපාලන වාර්තාකරු අනාවරණය කරනවා.

පසුගිය සතියේ මන්ත්‍රී කණ්ඩායම රැසකර ඇති සජිත් ප්‍රේමදාස මහතා තරයේම අවවාද කරමින් සදහන් කර ඇත්තේ මහ මොළකරු ගැන විවිධ ප්‍රකාශ කිරිම හරහා ඇතිවන තත්ත්වයන්ට තමන් වග නොකියන බවයි. එම සාකච්ඡා සදහා විපක්ෂ නායක ආර්‍යා ජලනී ප්‍රේමදාසද එක්ව ඇති අතර ඇයද මේ සම්බන්ධයෙන් උපදෙස් දීම හේතුවෙන් මන්ත්‍රී කණ්ඩායම දැඩි ලෙස කලකිරිමට ලක්ව සිටින බවද වාර්තා වේ. “ඔයාලා කරන ප්‍රකාශ නිසා අපිටත් ප්‍රශ්ණ එනවා ” යනුවෙන් ජලනී ප්‍රේමදාස මන්ත්‍රීවරුන්ට පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් අප දේශපාලන වාර්තාකරු සමග අදහස් හුවමාරු කරගත් SJB මන්ත්‍රීවරයෙකු සදහන් කර ඇත්තේ තමන්ගේ පක්ෂයේ නායකයා (සජිත් ප්‍රේමදාස ) යුද හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා සමඟ දිගින් දිගටම සමීප ඇසුරක් පවත් වන බවයි.

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන ලෙස විපක්ෂ නායකවරයා දිගින් දිගටම එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටි බවත් මැතක සිදුවු සාකච්ඡාවලදිද ඒ සම්බන්ධයෙන් යලිත් අවධාණය යොමුකල බවද ඔහු සදහන් කර තිබේ.

සජිත්-හරීන් SJB ඇන්දුවාද?

මේ අතර පසුගිය කාලයේ මහා මොළකරු ගැන නිරන්තර කතා කල SJB තවත් මන්ත්‍රීවරයෙකු අප දේශපාලන වාර්තාකරු සමග පවසා ඇත්තේ “මහා මොළකරුවන් සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ සිදුවු සියල්ලම පිටපතකට අනුව සිදු වු බව තමන්ට හැඟෙන බවයි. එහි නළුවා ලෙස හරීන් රගපෑ බවද තමන්ට දැන් වැටහෙනවා.” යනුවෙන්ද ඔහු සදහන් කර තිබේ.

හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශ සහ ඒ සමගම ඇති වු තත්ත්වයත් හේතුවෙන් පසුව හරීන් රෝහල් ගතවු අතර හරීන් අත් අඩංගුවට ගැනිම නතරකර ගැනිම සදහා ගෝඨාභය රාජපක්ෂ මහතාට දුරකථනයෙන් ඇමතිමටද විපක්ෂනායකවරයා කටයුතු කර තිබුනා.

මධ්‍යම සංස්කෘතික අරමුදල!

පසුගිය රජය සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදල පාලනය කල වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වන අතර ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ප්‍රචාරක වැඩසටහන සඳහා සජිත්ගේ උපදෙස් පරිදි මධ්‍යම සංස්කෘතික අරමුදල සතු රුපියල් මිලියන 3600ක මුදලක් පාලක මණ්ඩලයේ නිසි අවසරයකින් තොරව මුදා හැර ඇති බවට තොරතුරු අනාවරණය වි තිබුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය 2020 සැප්තැම්බර් 04 වැනි දා ඒ සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයක් ද පැවැත්වු අතර එහිදි හිටපු සංස්කෘතික ඇමැතිවරයකු වූ කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක මහතා සඳහන් කර තිබුණේ මධ්‍යම සංස්කෘතික අරමුදල සතු රුපියල් මිලියන 3600ක මුදලක් පාලක මණ්ඩලයේ අවසරයකින් තොරව මුදා හැර ඇති බව දැනගන්නට ලැබී ඇති බවයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් මුදල් 2016 සිට 2019 දක්වා පරිහරණය කළ ආකාරය පිළිබඳ සොයා බැලීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවක් ද පත්කරනු ලැබුවා.