Last Updated on October 22, 2022 by Desman Chathuranga
රටේ ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරිම වෙනුවට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ජනතාවට මැජික් පෙන්විමේ 22 වන ව්‍යවස්ථා සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනිමට රනිල්- රාජපක්ෂ රජය සමත් වුනා.
කෙසේවෙතත් මෙම සංශෝධනය හරහා ජනතාවගේ අභිලාශ ඉටුවී නැති බව නොරහසකි. අරගලයේදී ජනතාව ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් , විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමක් වන් අතර ඊට හේතු වන්නේ අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ධූරය පවතින තාක් කල් සහ ජනතා සහභාගීත්වය තහවුරු නොකරන තාක් ඉතිහාසයේ සිදුවූ දේ නැවත නැවත සිදුවීම වැළක්වීමට නොහැකි වි නිසාය.
22 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිමත් සමග රනිල් වික්‍රමසිංහ කණ්ඩායම ජනතාවට මැජික් පෙන්වමින් කියා සිටිනේ 22 සම්මත විමත් සමග ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, 22 වැනි සංශෝධනය සම්මත වීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමේ වරම අහිමි වන් බවයි.
නමුත් එය සිදු වන්නේ, යමෙකු ඔවුන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඔවුන්ගේ මන්ත්‍රී ධූර අභියෝගයට ලක් කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධව ලැබෙන තීන්දුවට අනුව බව කිසිවෙකුත් කතා කරන්නේ නැත.
“බොහෝ අය වර්තමාන පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීධුරය ලැබිය හැකි ද යන්න විමසනවා. මෙම සංශෝධනය බලාත්මක වීමත් සමඟ ඔවුන්ට මන්ත්‍රී ධුරය දැරීමේ හැකියාව අහිමි වෙනවා. නමුත්, එය සිදු වෙන්නේ යම්කිසි අයෙක් ඔවුන්ට එම ධුරය දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයකට ලක් කළොත් එහිදී නව සංශෝධනයට අනුව ඔවුන්ට ව්‍යවස්ථානුකූලව මන්ත්‍රීධුරය අහිමි වෙන බවට තීන්දුවක් ලබා දුන්නොත් පමණයි…”
ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන අකාරය පිළිබඳව ජනතාවට විශ්වාසය තැබිය හැකිද?
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?