counter hit xanga
March 26, 2023

රටම කෑ රාජපක්ෂලාට ලෝව පුරා වැට බඳින්න කැනඩාව පෙරමුණ ගනී! Video

“These sanctions send a clear message that Canada will not accept continued impunity for those that have committed gross human rights violations in Sri Lanka.”

Last Updated on January 21, 2023 by Desman Chathuranga

දශක හතරක් තුළ ආර්ථික,දේශපාලන සහ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය කල රාජපක්ෂලාට සම්බාධක පැනවීමට කැනඩා රජය ගත් තීරණය G7 සාමාජික රටවල්ද අනුගමනය කරනු ඇති බවට කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී (Mélanie Joly) IBC නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී අවධාරණය කර සිටියා.

1983 සිට 2009 දක්වා කාලය තුල ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම් වලදී දළ වශයෙන් සහ ක්‍රමානුකූලව මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරීන් හතර දෙනෙකුට එරෙහිව විශේෂ ආර්ථික පියවර පනතට අනුව රෙගුලාසි යටතේ ඉලක්කගත සම්බාධක පැනවිමට පසුගියදා කැනඩාව කටයුතු කළා.

ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂට ද මෙම සම්බාධක බලපානු ඇත. මිට අමතරව ගෝඨාභය රාජපක්ෂ ජනපති සමයේ මුදාහැරි මිරුසුවිල් සමූල ඝාතනයට සම්බන්ධ බවට සාක්ෂී සහිතව අනාවරණය වි මරණ දණ්ඩනය ලබාසිටි සුනිල් රත්නායකට සහ 2009 – 2010 වර්ෂවලදී කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිටද මෙම සම්භාධකය බලපානු ඇත.

මානව හිමිකම් කඩවීමට ලක්වූ දෙමළ ප්‍රජාව දීර්ඝ කාලයක් දුක් විඳි බවත් වේදනා විඳි බවත් ඔවුන්ට යුක්තිය ළඟා කරදීම සඳහා වගවීම පිළිබඳ සාධනීය වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් එය කළ හැක්කේ ජාත්‍යන්තර මට්ටමින් පමණක් බවත් ජොලී IBC නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවේදි පෙන්වා දී තිබේ.

සමස්ථයක් ලෙස දැඩිව මානව හිමිකම් ආරක්ෂා කරන රටක් බවත් එසේම ජාත්‍යන්තර සහ බහුපාර්ශ්වික මටට්මෙන් මානව හිමිකම් ගෝලීයව ආරක්ෂා කළ යුතු පද්ධතියක් තිබිය යුතු බවට කැනඩාව විශ්වාස කරන බවයි ඇයගේ අදහස වි ඇත්තේ.

රටක මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් ගැන සොයා නොබලා ව්‍යවස්ථාදායකයට මුවා වී සිටීමට හැකියාවක් නොමැති ශ්‍රී ලංකාවට සාමය ඇති වීමට නම් සත්‍ය එළියට පැමිණිය යුතු බවත් එසේම මානව හිමිකම් උල්ලංඝනය කරන්නන් ලෝකයා බලා සිටින බව දැනගත යුතු බවත් ඇය පෙන්වා දෙනවා.