Last Updated on May 29, 2021 by Panduka Herath
William Amos (විලියම් ආමොස් ) නැමති කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ රැස්වීමක් අතරතුර නිරුවතින් සිටින දසුනක් ප්‍රචාරය වීම ගැන ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ. ඔහු එම සිද්ධිය සම්බන්ධයෙන් සමාව ඉල්ලමින් ලිපියක්ද යොමුකිරිමට කටයුතු කර තිබේ.විලියම් ආමොස් පැවසුවේ බදාදා මෙම සිදුවීම සිදුවූයේ ඔහු “හවුස් ඔෆ් කොමන්ස්” කටයුතුවලට සහභාගී වෙමින් සිටියදී ය.
කැනඩාවේ පාලක ලිබරල් පක්ෂය නියෝජනය කරන ආමොස් මන්ත්‍රීවරයා කැනේඩියානු පාලක පක්ෂයේ නීති සම්පාදකයෙකුද වනවා.සති කිහිපයක් ඇතුළත මේ ආකාරයෙන් පාර්ලිමේන්තු අතථ්‍ය රැස්වීමක් අතරතුර නිරුවතින් පෙනී සිට ඇති දෙවැනි අවස්ථාව මෙය බවයි කැනේඩියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

“මම කැමරාවේ සිටින බව නොදැනයි එසේ ක්‍රියා කළේ” “අහම්බෙන් සිදුවූ මේ දෙය මහජනයාට නොපෙනුණත්, මෙය සම්පූර්ණයෙන්ම සිදුනොවිය යුත්තක්. ඒ ගැන මා නොවරදවාම සමාව ඉල්ලා සිටිනවා” යනුවෙන් සිය ට්විටර් ගිණුමේ සමාව ඉල්ලන ලිපියක් පළ කර ඇත. එමෙන්ම මෙම ක්‍රියාවෙන් තමන් දැඩි ලෙස ලැජ්ජාවට පත්වූ බවද ඔහු කියා තිබේ.
කැනේඩියානු පාර්ලිමේන්තුවේ නවෝත්පාදන, විද්‍යා හා කර්මාන්ත අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු ලේකම් ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වන් බවද එහි සදහන් කර තිබේ.
“මම පාර්ලිමේන්තු ලේකම් වශයෙන් මගේ කාර්යභාරයෙන් සහ කමිටු රාජකාරිවලින් තාවකාලිකව ඉවත්ව යෑමට තීරණය කළා.” කෙසේ වෙතත් තමා තවදුරටත් මන්ත්‍රීවරයකු ලෙස සේවය කරනවා.
පසුගිය අප්‍රේල් මස 14දා පාර්ලිමේන්තු වීඩියෝ ඇමතුමක් අතරතුර මේ ආකාරයේම නිරුවත් පෙනී සිටීමක් සිදුකර ඇති අතර, ඒ අවස්ථාවේදිද ඔහු සමාව ඉල්ලා සිටියත්, එම දසුන් එරට සමාජ මාධ්‍යවල දැඩිව හාස්‍යයට ලක්ව තිබුනා.විලියම් ආමොස් 2015 වසරේදී ප්‍රථම වරට කැනේඩියානු පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරයෙකි.
William Amos නිකුත් කල ලිපිය…

More Stories
නිශාරා,දුමින්ද යුග දිවියට?
අරගලයට ආ ලේසර් කිරණ!
වසර 150 ඉපැරණි අගුරු කොච්චියට ජල බටයට වුන දේ!