Last Updated on February 8, 2023 by Desman Chathuranga
මැතිවරණය පැවැත්විමට හෝ කල් දැමිමට තමන් විසින් පත්කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට නොහැකි නම් තවදුරටත් පාර්ලිමේන්තුව තුල සහය දිමට අවශ්‍ය නැති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂට දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ රාත්‍රීයේ කොළඹදි රැස්ව සාකච්ඡාවක් පවත්වා තිබේන අතර එහිදි රටේ වත්මන් තත්ත්වය සහ මැතිවරණය සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙන අතර සාකච්ඡා අතරතුර අවස්ථා කිහිපයකදිම බැසිල් රාජපක්ෂ දුරකතනයෙන් සම්බන්ධ කරගැනිමටද කටයුතු කර තිබේ.
රටේ ආර්ථික ප්‍රශ්ණ විසදිම සම්බන්ධයෙන් සහ මැතිවරණය කල් දැමිම හෝ නතර කිරිම සම්බන්ධයෙන් මේ දක්වා රනිල් වික්‍රමසිංහ දුන් කිසිදු පොරොන්දුවක් ඉටුකර නොමැති බව මන්ත්‍රීවරුන් එහිදි බැසිල්ට පෙන්ව දි තිබේ. විශේෂයෙන්ම මැතිවරණයට අදාළ පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරයන් රටතුල ආරම්භ කිරිමට නොහැකි තත්ත්වයක් ඇති බව ප්‍රාදේශිය නායකයන් දන්වා ඇති බවයි ජ්‍යෙෂ්ඨයන් එහිදි පෙන්වා දි ඇත්තේ.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරිම පිළිබඳව දැනට සිදුවන සාකච්ඡා හරහා තවත් එම තත්ත්වය උග්‍ර වි ඇති බවයි එහිදි සාකච්ඡා වි ඇත්තේ. මන්ද ඒ හරහා ආණ්ඩුවෙන් වෙන්ව ගිය කණ්ඩායම් වලට යම් සමාජ බලයක් නිර්මාණයවි ඇති බවත් විමල්,ගම්මන්පිල, විරසේකර ඇතුලු පිරිස් එය සිය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාව බවට පත්කරගෙන තිබේන බවත් එහිදි සාකච්ඡා වි තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
එවත් තත්ත්වයක් යටතේ තවදුරටත් ජනාධිපතිවරයාට සහය දිමට කටයුතු කලහොත් කිසිදු මැතිවරණයක් සදහා ජනතාව හමුවට යැමට නොහැකි බවයි ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?