counter hit xanga
October 26, 2021

X-Press Pearl කපිතාන් අත්අඩංගුවට! Update: කපිතාන්ට ඇප දෙයි!

Last Updated on June 15, 2021 by Panduka Herath

Update: අත්අඩංගුවට ගත් X-Press Pearl කපිතාන් රුසියානු ජාතික Vitaly Tyutkalo මහතා රුපියල් මිලියන දෙකක් වටිනා බැදුම්කරයක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කර සිටියා.ඊට අමතරව අධිකරණයේ අවසරකින් තොරව විදේශගත වීම වළකාලමින් කපිතාන්වරයාට තහනම් නියෝගයක්ද නිකුත් කරනු ලැබුවා.

සමුද්‍රිය ආරක්‍ෂණ පනතේ 12 වැනි වගන්තිය අනුව වරදක් කල ඇති බව සදහන් කරමින් කපිතාන්වරයා අත් අඩංගුවට ගත් අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්ව සිටියේ නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් එහි ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය, නිමි භාණ්ඩ සහ තෙල් ආදිය මුහුදට එක්වීමෙන් ශ්‍රී ලංකාවට අවට මුහුදට විශාල පාරිසරික හානියක් සිදුව ඇතැයි ද මෙම කපිතාන්වරයා ඊට වගකිවයුතු බවයි.

සැකකාර නැව් කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කරුණු ඉදිරිපත් කරමින් මුලින්ම නැවේ දුමාරය පටන්ගත් අවස්ථාවේදී නැවට ගොඩවූ නාවික හමුදාවේ සහ වරාය ආධිකාරියේ නිලධාරීන් එම ගින්න නිවාදැමීමට කටයුතු නොකළේ වන්දි ලබාගැනීමේ අරමුණින් දැයි ප‍්‍රශ්න කර සිටියා.

සමුද්‍රීය ආරක්‍ෂණ පනත කඩකළ අයෙකුට සිරදඩුවම් ලබාදීමට හැකියාවක් නැති බවත් ඒ අනුව ඔහුට දඩයක් පමණක් නියම කිරීමට හැකියාවතිබේන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා වන්දි ලබාගැනීම සදහා තම සේවාදායකයා ප‍්‍රාණඇපකරුවකු ලෙස රදවා නොගතයුතු බවද පෙන්වා දුන්නා.

……………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..

X-Press Pearl නෞකාවේ කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID අත්අඩංගුවට ගෙන තිබේ.

නෞකාවේ ගිනී ගැනිමේ සිද්ධියට අදාළව වගකීම් පැහැර හැරිම සම්බන්ධයෙන් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔහු කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයක් මත යාත්‍රාවේ කපිතාන්වරයාට සහ ප්‍රධාන හා නියෝජ්‍ය ඉංජිනේරුවන්ට ශ්‍රී ලංකාවෙන් පිටවීම වලක්වා තිබුනා.