counter hit xanga
October 22, 2021

ගිලෙන නැවේ කපිතාන් Email මකලා!

Last Updated on June 7, 2021 by Panduka Herath

X-Press Pearl නෞකාවේ මෙරට නියෝජිත ආයතනය නෞකාවේ කපිතාන්වරයා වෙත යවා තිබූ Email කීපයක් මකාදමා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ හේතුවෙන් එම ඊමේල් ලිපිනයට අයත් ‘ආරක්‍ෂිත ඊමේල් ගෙනුව’ තම දෙපාර්මේන්තුවට ලබාදෙන ලෙසට නැවේ දේශීය නියෝජිතයාට නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව අධිකරණයෙන් ඉල්ලා සිටියා.

X-Press Pearl නෞකාවේ මෙරට නියෝජිත ආයතනය වන්නේ Sea Consortium Lanka (Pvt) Ltd යන සමාගමයි.

‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්‍ෂණය අද (07) යළි අධිකරණය හමුවේ කැඳවූ තිබු අතර පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සමඟ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ නිලධාරී මණ්ඩලය අධිකරණය හමුවේ පෙනී සිටියා.

පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ නෞකාවේ වගකිය යුත්තන් හිතාමතාම යම් කරුණු වසන්කිරීමක් සිදුකර අප රටේ මුහුදු සීමාවට පැමිණ ඇති බව මෙතෙක් කරන ලද විමර්ෂණවලදී තහවුරු වී ඇති බවයි.

ගින්න හටගත්තේ ඇමෝනියා වලින්?

නෞකාවේ ගින්න ඇතැවී තිබුණේ නයිට්‍රික් අමිලයෙන් බවට මුලදී අනාවරණය වුවත් දැනට සිදුකරන විමර්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ ගින්න ඇමෝනියා අමිලයෙන් හටගෙන ඇති බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියා.

නෞකාවේ කපිතාන්වරයා ඇතුළු නිලධාරීන්ගෙන් ලබාගත් සියලුම ප්‍රකාශ එකිනෙකට පරස්පර බවත් ඒ හේතුවෙන් වැඩි දුරටත් විමර්ෂණ සිදුකල යුතු බවත් අපරාධප පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී සිටියා.

සිතාසී නිකුත් කරන්න බලයක් නෑ

පසුව X-Press Pearl නෞකාවේ කපිතාන්වරයා සහ මෙරට නියෝජිතයා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ දස දෙනකුට සිතාසි නිකුත් කරන ලෙස කල ඉල්ලිම ප්‍රතිකේෂ්ප වි තිබේ.අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ එම ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

X-Press Pearl නෞකාව වෙනුවෙන් පෙනී සිටි නීති මණ්ඩලය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සදහන් කළේ සමුද්‍රිය දූෂණ වැලැක්වීමේ පනත ප්‍රකාරව ඉහත නිලධාරීන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කිරීමේ බලයක් මෙම අධිකරණයට නොමැති බවයි. ලංකාවේ මුහුදු සීමාව සම්බන්ධයෙන් අධිකරණමය බලය ඇත්තේ මහාධිකරණයට වේ.

එහිදි X Press Pearl නෞකාවේ Voyage Data Recorder (VDR) වොයේජ් ඩේටා රෙකෝඩරයේ දත්ත පිළිබඳව තව දුරටත් පරීක්‍ෂණ සිදුකරගෙන යෑමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තුවට අධිකරණය අවසර ලබාදුන්නා.මිට අතරව මුහුදේ ගිලෙමින් ඇති නෞකාවේ ආරක්‍ෂාව තර කරන ලෙස නාවික හමුදාවට අධිකරණ නියෝගය කර සිටියා.

මුහුදේ ගිලෙමින් ඇති නෞකාවේ ආරක්‍ෂාව තර කරන ලෙස නාවික හමුදාවට අධිකරණ නියෝගයක් නිකුත් කළේය.

මැයි 20 වන දින MV X-Press Pearl නෞකාව කොළඹට වයඹ දෙසින් නාවික සැතපුම් 9.5 ක් (කිලෝමීටර් 18) පමණ නැංගුරම් ලා වරායට ඇතුළු වීමට බලා සිටියදී ගින්න හටගත් අතර එය බදාදා ගිලෙන්නට පටන් ගත්තේ බලධාරීන් විසින් දින 12 ක් තිස්සේ යාත්‍රාවේ හටගත් ගින්නක් නිවා දැමීමෙන් පසුව ය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කල මිට පෙර කල කරුණු දැක්විමෙන් අනතුරුව නැවේ කපිතාන්, ඉංජිනේරු සහ සහකාර ඉංජිනේරුවරයාට රට හැර යාම තහනම් කර තිබේ.

චීන නැව් සමාගමේ ජනප්‍රියත්වය පහලට!

මේ අතර MV X-Press Pearl නෞකාව ගිලී යාමෙන් චීනයේ Zhoushan Changhong International Shipyard Co. Ltd හි නිෂ්පාදනය කරන ලද සහ අලුතින් ආරම්භ කරන ලද යාත්‍රාවේ ගුණාත්මකභාවය පිළිබඳව ද ප්‍රශ්න මතු වී තිබේන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබේ.

නැව ගිලීමේ හේතුව, ජාත්‍යන්තර වාර්තාවක්!

මේ අතර X Press Pearl නෞකාවේ පසුපස කොටස ගිලීයාමට හේතුව නැව බේරා ගැනීමට පැමිණි සිංගප්පූරු විශේෂඥ කණ්ඩායම එම නැවට අසාමාන්‍ය ලෙස ජලය පිරවීමට ඉඩහැරීම දැයි සැක පහළ වී තිබේ.