Last Updated on June 1, 2021 by Panduka Herath
සංචරණ සිමා පවතින කාල සිමාව තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ Shangri-La හෝටලයේ 1005 කාමරයේ රුපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ පැවැත්වු උපන් දින සාදයට සහභාගි වු තවත් 6 දෙනෙකු කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ
අත්අඩංගුවට ගත් පිරිස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කල අතර නැවත හෙට දිනයේ ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
නිරෝධායන නිති උල්ලංඝණය කරමින් ඉකුත් 30 වැනිදා රාතී‍්‍ර කොළඹ ෂැංගී‍්‍රලා හෝටලයේ පැවැති උපන් දින සාදයකට සහභාගී ව සිටි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපන ශිල්පීණීයක වන පියුමි හංසමාලි යන අය එක් අයකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත ඊයේ මුදාහැරීමට කටයුතු කළා.
මේ අතර අද අත් අඩංගුවට ගත් පිරිස අතර සජිත් ප්‍රේමදාස මහතාගේ සමගී ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කොට්ඨාස නායිකාවක මෙන්ම දිවුලපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වන බාගේෂ්වරී මධුෂිකා ගුණසේකර නමැති තැනත්තියක් සිටින බව වාර්තා වේ.



සබැඳි පුවත්
[url=http://cheapdrugs.store/#]top ed pills[/url]