Last Updated on June 12, 2021 by Desman Chathuranga
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් පසුගිය 5 වනදින සහ 7 වනදින පිටවු වාහන පිළබඳ තොරතුරු ඇතුලත් CCTV කැමරා දර්ශණ සියල්ල ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයට ලබාදෙන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දක්ෂිණ අධිවේගි මාර්ග අධ්යක්ෂවරයාට නියෝග කර සිටියා.
පසුගිය 5වනදින සහ 7වනදින AstraZeneca එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිම සඳහා බස්නාහිර පළාතෙන් විශාල පිරිසක් වාහනවලින් දක්ෂිණ අධිවේගි මාර්ගයේ පැමිණ ඇති බවට ලැබුන තොරතුරු අනුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.
ගාල්ල ප්‍රදේශයේ ජනතාවට ලබා නොදි අධිවේගි මාර්ගයේ සුභෝපභෝගි වාහන වලින් පැමිණි විශාල පිරිසකට උණවටුන පිහිටි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේදි AstraZeneca එන්නතේ දෙවන මාත්‍රාව ලබාදුන් බවට ප්‍රදේශවාසින් චෝදනා කල අතර ඒ සම්බන්ධයෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත ද සිල්වා මහතා විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබුවා.
නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට AstraZeneca එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාද පසුගියදා පාර්ලිමේන්තුව හමුවෙ සදහන් කළා. එම සිද්ධියට වගකිවයුතු සෞඛ්‍ය නිළධාරීන් කිහිප දෙනෙකු සම්බන්ධයෙන්ද විනය පියවර ගැනිමට කටයුතු කළා.
More Stories
මිලියන 7ක් බඩගින්නේ තබා “නාකී” සමරන නිදහස!
රනිල්, ජනතා අයිතියට බාධා එපා!
ඔරුව ගිලෙද්දී නිහඬව සිටීම සිවිල් සමාජයේ වගකීම නොවේ – ‘ශ්‍රී ලංකාභිමාන්‍ය’ ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ කරු කියයි