Last Updated on December 5, 2022 by Desman Chathuranga
ලංකා විදුලිබල මණ්ඩලය අහෝසි කොට එය රජය සතු ආයතන 8ක් ලෙසට පරිවර්තනය කළ යුතු බව විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර තිබෙනවා.
මේ සඳහා අවශ්‍ය පනත් කෙටුම්පත අමාත්‍ය කාංචන විජේරත්න විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.
විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් සතියේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී ඇත.
පිහිටුවනු ලබන නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් ද සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ බෙදාහැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් මෙම පිහිටුවීමට යෝජනා වී ඇත.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?