Last Updated on June 9, 2021 by Panduka Herath
සමගි ජන බලවේගයේ SJB අනාගතය සජිත් ප්‍රේමදාස මහතාගේ හැසිරීම සහ තවත් කාරණා මත තීරණය වනු ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
කොළඹ දී අද (9) පැවැත්වූ මාධ්‍ය හමුවකදි මාධ්‍යවේදියෙකු “සමගි ජනබලවේගය තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේද?” යනුවෙන් යොමුකල ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.
ඉකුත් 2019 ජනාධිපතිවරණයේදී අවස්ථානුකූලව තිබූ හොඳම විකල්පය ලෙස සජිත් ප්‍රේමදාස මහතා වූ බැවින් ඒ අනුව කටයුතු කළ බවත් තමා කිසිවෙකුට මඩ ගසන දේශපාලනයක නිරත නොවන බව ද පාඨලී චම්පික රණවක මහතා එහිදි කියා සිටියා.
මාධ්‍යවේදියා – සජිත් ප්‍රේමදාස මහතා වෙනුවට රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ පුටුවේ අසුන්ගැන්වීමට කුමන්ත්‍රණය කළා නේද?
චම්පික රණවක – “සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා කිරීමට පෙරමුණ ගත්තේ මම”
“මම කිසිම දවසක කිසිම කෙනකුට යටින් මඩ ගහන වැඩ කරන්නේ නෑ “
විවේචනයක් ඇත්නම් තමා එය කෙලින් ප්‍රකාශ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා මේ රට පරම්පරික ප්‍රභූ පන්තියේ නෂ්ටාවශේෂයක් පමණක් බවද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා.
More Stories
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!
මෛත්‍රී,සජිත් අර්බුදයක! විපක්ෂ නායකකමත් නැති වෙන පාටක්!
ණය සහන දෙන්න G7 පෙරට එයි! ජපානයෙන් ඩොලර් මිලියන 1.5 ක්!