counter hit xanga
October 26, 2021

නීති කඩා පාටි දැමු චන්දිමාල්, හංසමාලි අත්අඩංගුවට! Update: ඇප ලැබේ.

Last Updated on May 31, 2021 by Panduka Herath

Update 2: අත් අඩංගුවට පත්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි යන දෙදෙනාට රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 02ක් මත කොටුව මහේස්ත්‍රාත් විසින් ඇප ලබාදිමට කටයුතු කර තිබේ.

Update 1: අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක් වන පියුමි හනංසමාලීට ඇප ලබාදි තිබේ.

නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් කොළඹ ප්‍රධාන හෝටලයක ඊයේ (30) රාත්‍රීයේ උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ පියුමි හංසමාලි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

වෛරස් වසංගතය හේතුවෙන් සියලුම පොදු උත්සව හා සාද අත්හිටුවා ඇති අවස්ථාවකදී සාදය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔවුන් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (30) රාත්‍රීයේ මෙම උපන්දින සාදය පැවැති බවට සමාජ ජාලා මාධ්‍ය වල තොරතුරු පලවි තිබු අතර ඒ සදහා සහභාගි වන බවට ඇතැම් රංගන ශීල්පිණියන් සිය සමාජ ජාල වල සටහන්ද තබා තිබුනා.

කොරෝනා වයිරසයේ තුන්වන රැල්ල පැතිරීම මැඩපැවැත්වීම සඳහා දිවයින පුරා සංචාරක තහනමක් ද රට තුළ ක්‍රියාත්මක කර තිබේන අවස්ථාවක මේ අකාරයේ උත්සවයක් සංවිධානය කිරිම පසුපස ඉහල පෙළේ මැදිහත් විමක් තිබු බවද සමාජ ජාල වල සටහන් වි තිබුනා.