counter hit xanga
February 3, 2023

අරගලය නසන්න ආණ්ඩුව ගහන්නේ බාල ගේම්!

Last Updated on September 7, 2022 by Desman Chathuranga

ජනපති රනිල් වික්‍රමසිංහ විසින් අරගලය ප්‍රචණ්ඩකාරි බවට පත් කරන ලද්දේ පෙරටුගාමි සමාජවාදි පක්ෂය බවට කළ චෝදනාවෙන් හැගෙන්නේ මේ අරගලය මර්දනය කිරීමට ආණ්ඩුවට ඇති අවශ්‍යතාව බව පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සඳහන් කළා.

අද (07) කොළඹ දි පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, අරගලයට සම්බන්ධ වූවන් බරපතල ලෙස ආණ්ඩුව විසින් මර්දනය කරමින් සිටින බවත්, අරගලකරුවන්ගේ මානවහිමිකම් කඩ කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමට ආණ්ඩුව තවමත් සමත් වී නොමැති බවත් ය.