counter hit xanga
October 21, 2021

දිනකට 54ක් බිල්ලට ගන්න රසායනික පොහොර! Video

Last Updated on June 8, 2021 by Panduka Herath

කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා කියා සිටියේ මෙය හොඳ දෙයක් බැවින් දුෂ්කර කාර්යයක් වුවත්, බැණුම් අසාගෙන, ගුටි කාගෙන හෝ කළ ක්‍රියාත්මක කලයුතු බවයි.

කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩිස්ථාවර වී ඇතැයි කී ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා එය ක්‍රියාත්මකවිය යුතු බව පැවසීය.

පොහොර හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්තද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා ඇති බවද ජනාධිපතිවරයා එහිදි සදහන් කළා.

කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියකට හේතුවී ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණපෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවද ප්‍රකාශ කළා.

රසායනික පොහොර කල හදියක්!

මේ අතර අද පාර්ලිමේන්තුවේ රටේ වත්මන් තත්වය පිළිබඳව සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළේ රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය නිසා මෙරටේ පිළිකා සහ වකුගඩු රෝගීන් වසරකට දෙලක්ෂ තිස් නව දහසක් බිහිවන බවයි. ඒ අතරට පිළිකා රෝගීන් 75,000ක්ද වකුගඩු රෝගීන් 1,64,000ක්ද ඇතුළත්වන බවද ඇය සදහන් කළා.

වකුගඩු රෝගීන් වසරකදී 6000ක්ද, පිළිකා රෝගීන් දිනකට පනස් හතර දෙනෙකුද මියයන බවද පෙන්වා දුන් අමාත්‍යවරිය රසායනික පොහොර සහ විස කෘෂි රසායන ද්‍රව්‍ය මෙම පිළිකා සහ වකුගඩු රෝගවලට ප්‍රධාන හේතුවක් බවට වෛද්‍ය විශේෂඥයන් සනාථ කර තිබේන බවද පෙන්වා දුන්නා.