counter hit xanga

සිල් රෙදි ගලවා සටනට එන උතුරේ මහ ඇමති!

Last Updated on April 30, 2021 by Desman Chathuranga

උතුරේ මහ ඇමැති විය යුත්තේ සිල් රකින කෙනෙක් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.යාපනයේ ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක එක්වෙමින් සේනාධිරාජා සදහන් කළේ මීළඟ පළාත් සභා මැතිවරණයේදී උතුරේ මහ ඇමැති ධුර අපේක්ෂකයා තමා බවයි.

උතුරේ මහ ඇමැති ධුරය සදහා විවිධ පුද්ගලයන් පත්කිරිම සදහා කටයුතු කරමින් සිටින නමුත් කොළඹ සිට යාපනයට පැමිණ දේශපාලනය කිරිමට කටයුතු කරනුයේ උතුරේ ජනතාව වෙනුවෙන් නොවන බවයි ඔහු එහිදි පෙන්ව දුන්නේ.

“විග්නේශ්වරන් මන්ත්‍රීවරයා මේ දවස්වල වේලන් සාමිවරයා මේ තනතුරට සුදුසුයි කියලා ඔහුව තෝරගෙන වෙනම ගමනක් යනවා. වේලන් සාමිවරයත් ඒකට කැමැත්ත පළ කරලා තියනවා. නමුත් උතුරේ මහ ඇමැති ධුරයට පත් වෙන්න ඕනේ සිල් රකින කෙනෙක් නෙමෙයි. ඒකට හේතුව ඉතා බරපතළ තීන්දු තීරණ ගන්න සිද්ධ වෙනවා.”

දෙමළ ජාතික සන්ධානය TNA දැනටමත් තමන් මහ ඇමති අපේක්ෂකයා කිරිමට තීරණය කර ඇති බවත් තමන්ට මෙම අවස්ථාව පසුගිය මැතිවරණයේදි ලැබුන බවද ඔහු මතක් කළා.

“විග්නේශ්වරන් මන්ත්‍රීවරයාට මහ ඇමැති වෙන්න අවස්ථාවක් දෙන්නයි මම නිහඬ වුණේ. අවසානයෙදි වෙච්ච දෙයක් නෑ.”

උතුරේ ඉපදුණු, උතුරේ ජනතාවත් එක්ක ජිවත් වුනු, දේශපාලනය කළ තමන්ට උතුරේ ජනතාවගෙන් විශාල සහයෝගයක් තමන්ට තිබෙන බවයි මාවෙයි සේනාධිරාජා සදහන් කර සිටියේ.