counter hit xanga
October 26, 2021

වසංගතය හමුවේ චීනය ලෝකෙට ලොක්කා වෙයි!

China Delivers 350 Million Doses of COVID-19 Vaccines to World

Last Updated on June 3, 2021 by Panduka Herath

චීනය විසින් COVID-19 එන්නත් මාත්‍රාව මිලියන 350 කට අධික ප්‍රමාණයක් ලොවට ලබා දී ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin (වැන්ග් වෙන්බින්) මාධ්‍ය හමුවකදී අනාවරණය කළා. චීනය රටවල් 80කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් ආධාර ලබා දී ඇති බවත්, රටවල් 40කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් අපනයනය කර ඇති බවද ඔහු එහිදි අවධාරණය කර සිටියා.

එන්නත් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා රට අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ අත්වැල් බැඳගන්නා බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ගෝලීය එන්නත් සංවර්ධනය හා නිෂ්පාදනය සඳහා සහභාගී වීමට තවත් සමාගම් දිරිමත් කිරීම සඳහා චීනය සිය දේශීය ව්‍යවසායන් සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බව වැන්ග් පැවසීය.

විශේෂයෙන්ම මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය දුප්පත් රටවලට එන්නත් සමානව බෙදාහැරීම සඳහා ආරම්භ කර ඇති COVAX වැඩසටහනට අවශ්‍ය එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියද චීනය වේගවත්ව සිදුකරමින් සිටින බවත් මැයි 31 වනවවිට මිලියන 10ක මාත්‍රා නිෂ්පාදනයන ඉලක්ක සපුරණ බවද ඔහු සදහන් කර තිබේ.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Wang Wenbin (වැන්ග් වෙන්බින්) මාධ්‍ය හමුවකදී කල ප්‍රකාශය ඉංග්‍රීසී පරිවර්තනය සහිතව බලන්න