Last Updated on January 28, 2023 by Dheerasinghe
2022 වසරේ දී චීනයෙන් ආනයනය කරන ලද මගී දුම්රිය, අධිවේගී දුම්රිය කණ්ඩායමට ඇතුළත් කර නිල වශයෙන් මගී මෙහෙයුම් සඳහා යොදවන බව ප්‍රකාශ කරමින් පකිස්ථාන දුම්රිය සංස්ථාව ඊයේ (27) විශේෂ උත්සවයක් පැවැත්වීය. එම දුම්රිය ඉස්ලාමාබාද් අගනුවර සිට දකුණු වරාය නගරය වන කරච්චි දක්වා ධාවනය කෙරේ.
එම උත්සවයට සහභාගී වූ පකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif මහතා එහි දී ප්‍රකාශ කළේ, චීනයේ සිට පකිස්ථානයට අපනයනය කරන මගී දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමෙන් පසු, පකිස්ථාන දුම්රිය ක්‍ෂේත්‍රයේ ප්‍රතිරූපය ඉහළ නංවන බවයි. එසේම, මගීන්ට සුවපහසු සහ වේගවත් පොදු ප්‍රවාහන අවස්ථාවන් භුක්ති විඳීමට ඉඩ සැලසීම දුම්රිය ගමන් වාර සඳහා වැඩි මගීන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට උපකාරී වේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?