counter hit xanga
October 1, 2022

චීන-පාකිස්තාන ආර්ථික කොරිඩෝව ගැන චීනයෙන් ප්‍රකාශයක්!

Last Updated on June 2, 2022 by Panduka Herath

“චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” CPEC යනු “චීන පාකිස්ථාන සබඳතාවන්හී වැදගත් නියමු ව්‍යාපෘතියක් බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලිජියන් පවසයි.චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක චාඕ ලිජියන් අද (1) චීන පකිස්ථාන සබඳතා සහ “චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” ඉදිකිරීම පිළිබඳ වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියා.

ඒක් තීරයක් ඒක් මාවතක්”වැඩපිළිවෙලේ ප්‍රථම ව්‍යාපෘතියක් වන”චීන පාකිස්තාන ආර්ථික කොරිඩෝව” ආරම්භ කිරීමේ සිට, එය පාකිස්තානයේ ආර්ථික සංවර්ධනය සහ ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම ඵලදායී ලෙස ප්‍රවර්ධනය කර ඇති අතර ධනාත්මක ආර්ථික හා සමාජීය බලපෑම් ද ඇති කර තිබේ.

පාකිස්ථානයේ ආයෝජනය කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ, ජයග්‍රාහී ප්‍රතිඵල සහ පොදු සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට චීන රජය චීන ව්‍යවසායන්ට අඛණ්ඩව සහාය දෙන බව චාඕ ලිජියන් අවධාරණය කළේය.