Last Updated on March 16, 2023 by Dheerasinghe
එකම චීනය ප්‍රතිපත්තිය මත හොන්ඩියුරාස් ඇතුළු විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමට චීනය කැමැත්ත දක්වයි.
හොන්ඩියුරාස් ජනාධිපතිනී Xiomara Castro මහත්මිය මෑතකදී ප්‍රකාශ කළේ චීනය සමග නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමට කැමැත්ත දක්වන බවයි. ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Wang Wenbin මහතා ඊයේ(15) පැවසුවේ එම ප්‍රකාශය චීනය පිළි ගන්නා බවයි. එකම චීනය ප්‍රතිපත්තිය මත චීනය සමග ලෝකයේ රටවල් 181ක් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ඇත. ඉන් පිළිබිඹු වන්නේ චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීම, ඓතිහාසික වර්ධනය හා යුගයේ දියුණු ප්‍රවණතාවට ගැළපෙන නිවැරදි තේරීමක් බවයි. එකම චීනය ප්‍රතිපත්තිය මත හොන්ඩියුරාස් ඇතුළු විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමට චීනය කැමැත්ත දක්වන බව ද Wang Wenbin මහතා පැවසීය.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අවිනිශ්චිතභාවය අවසන් කළ යුතුයි – ජාතික සාම මණ්ඩලය