counter hit xanga
October 1, 2022

චීන ඔත්තු නෞකාව, ලංකාව සූරාකෑමේ තවත් උත්සහයක!

Last Updated on August 26, 2022 by Panduka Herath

පසුගිය සඳුදා වන තෙක් හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබෙන චීන ඔත්තු නෞකාව තවත් ලංකාව සූරා කෑමේ උත්සහයක් බවත්, එය චීන අධිරාජ්‍යමය බලය ලංකාව මත ස්ථාපනය කිරීමේ උත්සහයක් ලෙසත් විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

ලංකාව විසින් නෞකාවේ සංචාරය කල් දමන ලෙස ඉල්ලා තිබියදීත්, අමෙරිකාව සහ ඉන්දියාව දිගින් දිගටම නෞකාව හේතුවෙන් ආරක්ෂක ගැටළු ඇති වන බව පෙන්වා තිබියදීත්, යුවාන් වැන්ග් 5 මිසයිල සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ උපාංග සහිතව මෙලෙස හම්බන්තොට වරායේ නැවැත්වීමට චීනය ගත් අත්තනෝමතික උත්සහය ජාත්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

යුවාන් වැන්ග් 5 නෞකාවට ඉන්දියන් සාගර කලාපයේ වයඹ දිග ප්‍රදේශයේ චන්ද්‍රිකා පර්යේෂණ සිදු කළ හැකි බවට චෝදනා එල්ල වීමත් සමග ඉන්දියාවෙන් නොනවත්වාම ආරක්ෂක විරෝධතා එල්ල වූ අතර, චීන නාවික හමුදාවේ සබ්මැරීන නාශක මෙහෙයුම් සඳහා ඉතා වැදගත් වන සාගර පතුල සිතියම්ගත කිරීමේ හැකියාව ඇති පර්යේෂණ යාත්‍රාවක් ලෙස ප්‍රචාරය වීමත් සමඟම ඉන්දියාව දැඩි ව එම විරෝධතා දක්වන්නට විය. 

කෙසේ වෙතත්, චීනය සිය Yuan Wang 5 නෞකාව ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායේ නැව්ගත කිරීම කිසිදු රටකට බලපාන්නේ නැති බවත් එය දෙරට අතර සාමාන්‍ය හුවමාරුවක් ලෙසත් ප්‍රකාශ කළේය.

ඔත්තු බැලීමේ නෞකාවක් බවට බොහෝ දෙනා විශ්වාස කරන 'යුවාන් වැන්ග්-5' චීන නෞකාව අගෝස්තු 16 වනදා හම්බන්තොට වරායට පැමිණීමට අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා තහවුරු කළේය.

"සියලුම ද්‍රව්‍ය සලකා බලා, 2022 අගෝස්තු 13 වන දින, 2022 අගෝස්තු 16-22 දක්වා කල් දැමූ යාත්‍රාව පැමිණීම සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයට නිෂ්කාශනය දන්වන ලදී," විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මෙම ක්‍රියාවලිය පිළිබඳ විස්තර ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ යුවාන් වැන්ග් 5 පැමිණීම පිළිබඳව චීනය විසින් ජුනි 28 වන දින රාජ්‍ය තාන්ත්‍රික සටහනක් මගින් ඔවුන්ට දැනුම් දුන් බවයි.