counter hit xanga
February 4, 2023

චීන-ලංකා හවුල් වැඩේ නතර වෙයි!

Last Updated on June 26, 2021 by Desman Chathuranga

තිස්සමහාරාම වැවේ, වැලි සහ මඩ ඉවත් කිරීමේ චීන – ශ්‍රී ලංකා හවුල් සමාගමක් විසින් සිදුකර ගෙන ගිය ව්‍යාපෘතිය අත්හිටුවා තිබේ.

අදාළ ව්‍යාපෘතිය ආරම්භයත් සමගම චීන ජාතිකයන් හැඳ-පැළඳ සිටි විශේෂ හමුදා ඇඳුම් සහ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් පූර්ව අවසරයක් ගෙන නොමැති විම පිළිබඳව සමාජයේ දැඩි කතාබහකට ලක්වුනා.

ඒ අනුව නිසි අවසරයක් ලබා ගන්නා තුරු අදාළ ව්‍යාපෘතිය අත්හිටුවීමට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා උපදෙස් ලබාදි තිබේ.

මෙවැනි කාර්‍යයක් සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවන් ලිඛිත අවසරයක් ලබාගත යුතු බවත් මෙම ව්‍යාපෘතිය හරහා යම්කිසි පුරාවිද්‍යාත්මක හානියක් වී ඇත්දැයි තක්සේරුවක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු පෙන්වා දෙනවා.

තිස්සමහාරාම වැව යනු ඓතිහාසික වටිනාකමකින් යුත් සුවිශේෂී වැවක් විමත් එහි පෞරාණික පුරාවිද්‍යා වස්තූන් තැන්පත්ව තිබීමට ඉඩ ඇති බවටත් විවිධ මත පලවි තිබේ.