Last Updated on May 2, 2021 by Desman Chathuranga
චීන ජනරජයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හේ General Wei Fenghe තෙදින නිල සංචාරයක් සඳහා අද (27) පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.
පස්වරු 07.20 ට පමණ කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලින් මෙරටට පැමිණෙන ඒ මහතා අප්‍රේල් 29 වන දින පෙරවරුවේ නැවත චීනය බලා පිටත්ව යාමට නියමිතය.
තෙදින නිල සංචාරය තුලදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡාවන් සිදු කිරීමට නියමිතව තිබේන බවයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.
1954 පෙබරවාරියේ උපත ලබා මහජන චීන සමූහාණ්ඩුවේ මධ්‍යම මිලිටරි කමිටුවේ (පීආර්සී) සාමාජිකයෙකු වන ජෙනරාල් වෙයි ෆෙන්ග් චීන රාජ්‍ය මන්ත්‍රීවරයෙකුද වනවා. පාකිස්තානය සහ චීනය අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීම සඳහා කළ විශිෂ්ට සේවය අගයමින් 2020 දෙසැම්බර් 1 වන දින චීනයේ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ගේ Nishan-e-Imtiaz (military) සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.
චීන ආරක්ෂක අමාත්‍ය වෙයි ෆෙන්ගේ මහතා කෙටි සංචාරයක් සඳහා අද උදෑසන ඩකා නුවරට පැමිණ තිබේ.
More Stories
ඔනෑම මැතිවරණයකදි මාලිමාව 50% පන්නනවා!
Do Not go down the path to Suppression of Media freedoms!
රනිල්ගේ මෝඩභීමානී විශේෂ ප්‍රකාශ සහ පාර්ලිමේන්තු යන මහා හොරු!