counter hit xanga
October 22, 2021

රහස් සියල්ල සහිත “නැව් කළු පෙට්ටිය” CIDයට!

Last Updated on June 6, 2021 by Panduka Herath

X Press Pearl නෞකාවේ “Ship’s Black Box” “නැව් කළු පෙට්ටිය” ලෙස හදුන්වන ලබන Voyage Data Recorder (VDR) වොයේජ් ඩේටා රෙකෝඩරය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන තිබේ.

ඒ අනුව X Press Pear නෞකාවේ කපිතාන්වරයා සහ නෞකාවව අයත් වන X-Press Feeders මව් සමාගමේ සහ දේශීය නැව් ඒජන්තවරයා අතර ඇති සියලුම සන්නිවේදන සංවාද එහි ඇතුළත් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ඇතිව වෙළඳ නැව් මහලේකම් කාර්යාලයේ නාවික විශේෂඥන් එක්ව් දියත් කල මෙහෙයුමකින් එම VDRය සොයා ගෙන තිබේ.

VDR වෙතින් ලබාගන්නා දත්ත සහ සියලු සන්නිවේදනයන් රහස් පොලිසිය විසින් විශ්ලේෂණය කරනු ඇති අතර ඒ අනුව නීතිය ක්‍රියාත්මක කිරිමේ කටයුතු සදහා එම තොරතුරු යොදා ගනු ඇත.

මේ අතර, කොළඹ වරාය අසල ගින්නක් හටගත් X Press Pearl නෞකා ගිනීබත් විමේ සිද්ධිය සම්බන්ධයෙන් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශයක් මේ වන විට රහස් පොලිසිය ලබාගෙන තිබේ.