Last Updated on May 22, 2021 by Desman Chathuranga
සිංහරාජ වනාන්තරය ඇතුලු කැලෑ එළි පෙහෙළි කරන බවට සඳහන් අසත්‍ය ඡායාරූප සිය සමාජ ජාළා Facebook පිටුව ඔස්සේ පලකරමින් විවිධ ප්‍රකාශ සටහන් කල කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ මාණ්ඩලික නිළධරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගෙන තිබේ.
ගෙලි ඔය ප්‍රදේශයේදී සැකකරු ඊයේ (21) අත්අඩංගුවට ගෙන ඇති එම සැකකරු කැලෑ එළි පෙහෙළි කරන බවට සඳහන් ඡායාරූප Facebook සමාජ ජාලාවට එක්කොට ඇති බවත් පුද්ගලික ඉඩම් එළි කරන ඡායාරූප වනාන්තර එළි කරන ඡායාරූප බවට සඳහන් කරමින් පළකර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගත් සකකරු අද දිනයේදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සැකකරු චමිල ජයසිංහ නැමති කොත්මලේ සහකාර ඉඩම් නිරවුල් කිරීමේ මාණ්ඩලික නිළධරියෙකු වන බව වාර්තා වේ.
More Stories
“නව යුගයේ චීනයේ අන්තර්ජාල නීති රීති ගොඩනැගීම” පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ
විවිධ රටවල් සමග මිත්‍රශීලි සහයෝගිතා සබඳතාව වර්ධනය කිරීමේ පදනම එකම චීනය ප්‍රතිපත්තිය බව චීනය පවසයි
චන්ද්‍රිකාගේ සිට ගෝඨාභය දක්වා: වැඩියෙන්ම ඩොලර් ලැබුණේ කාටද?