Last Updated on June 17, 2021 by Panduka Herath
රටේ පවතින නීතිය ඉක්මවා යමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID කටයුතු කරන බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව චෝදන කරයි.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ” කටයුතු කර තිබෙන බවයි.
පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් පල්ලේවත්ත ගමගේ චමින්ද දිල්රුක් යන සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් කර සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රැඳවුම් නියෝග ඉල්ලා තිබේන බවද නීතිඥ සේනක පෙරේරා මහත සදහන් කළා.
රටේ පවතින නීතියට අනුව කටයුතු කරන ලෙස පොලීසියෙන් ඉල්ලා සිටි නීතිඥ සේනක පෙරේරා රැදවුම් නියෝග ඔස්සේ තබාගත් සැකකරුවන්ට පසුගිය කාලයේ අත්වු ඉරණම ද සිහිපත් කර සිටියා.
රැදවියන්ගේ ජීවිත වලට දිගින් දිගටම එල්ල වී තිබෙන අනතුරුදායක තත්වයන් වහාම නැවැත්වීමට පියවර ගන්නා ලෙස සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටි.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය වසරේ නිවේදනය කර තිබුනේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ මරණ අටක් වාර්තා වී ඇති බවයි.
More Stories
රට නිල වශයෙන් බංකොලොත්! ගැලවිමේ මග මෙන්න!
Jagath Alwis’ letter to CJ: BASL concerned
රනිල්ගේ නිසරූ උත්සහය ගැන NPP කියයි!