counter hit xanga
June 13, 2021

මන්ත්‍රී වරප්‍රසාද වලට මුවා වු හරීන්ට,මනුෂට එරෙහිව CID යට පැමිණිල්ලක්!

පාස්කු ප්‍රහාරය සහ එයට සම්බන්ධ යැයි පවසමින් විවිධ පුද්ගලයන් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර කරන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා සිද්ධියට වගකිවයුත්තන් අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CID පැමිණිල්ලක් ඉදිරිපත් වි තිබේ.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සනින් යුතුව එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේන අතර මන්ත්‍රිවරප්‍රසාද වලට මුවා වී කරුණු අදාළ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අදිසි හස්තයක් පිළිබඳව තොරතුරු ඇති බවට ලේඛණ ඉදිරිපත් කරමින් ප්‍රකාශ නිකුත් කරන බවයි පැමිණිල්ලෙන් පෙන්වා දි ඇත්තේ.

අදාළ තොරතුරු ජාතික ආරක්ෂාවට වැදගත් විය හැකි හෙයින් එම ප්‍රකාශවල කරුණු පාස්කු පරීක්ෂණ සදහා අදාල කරගන්නා ලෙසට මන්ත්‍රිවරුන් සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබිණි.

මෙම අපරාධ සම්බන්ධයෙන් දන්නා කරුණු සැඟවිමට ඉඩ නොදිය යුතු බවත්, පාර්ලිමේන්තු වරප්‍රසාද මුවාවී මෙම මන්ත්‍රිවරුන් දෙදෙනා මෙවැනි ප්‍රකාශ සිදුකරන්නේ දේශපාලන වාසී ලබා ගැනීමට උත්සහ ගන්නා බවට තමන්ට හැගෙන නිසා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙසට ද මන්ත්‍රිවරුන් සිය පැමිණිල්ල මගින් ඉල්ලා සිටියහ.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන් හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර යන මහත්වරුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට විවිධ පාර්ශවල තොරතුරු තමන් සතුව ඇති බවට ප්‍රකාශ නිකුත් කල අතර එම ප්‍රකාශ කිසිවක් පාර්ලිමේන්තුවෙන් පිටතදි නොකිරිමද විශේෂත්වයක්.