counter hit xanga
October 26, 2021

බොරු ලියන අය සොයන්න CID මෙහෙයුමක්!

Last Updated on June 7, 2021 by Panduka Herath

අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් මහජනතාව මුලා කරවන පිරිස් සෙවිම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ වෙනුවෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර ඇති අතර මේ වනවිටත් සිය විමර්ශන පුලුල්ව ව්‍යාප්ත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ දිනවල අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ජාලවල පළවන විවිධ අසත්‍ය පුවත් හේතුවෙන් මහජනතාව විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන බවත් එම අසත්‍ය තොරතුරු හේතුවෙන් නිසා කොවිඩ් පාලනය කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලට විවිධ බලපෑම් එල්ල වී ඇති බවත් ආරක්ෂක අංශ පෙන්වා දිමෙන් පසුව මෙම් විශේෂ කණ්ඩායම පත්කර තිබේ.

අසත්‍ය ප්‍රචාර දියත් කිරිම පසුපස සංවිධානාත්මකව ක්‍රියාත්මක වන කණ්ඩායමක් සිටින බව මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඔහුන්ගෙන් බහුතරයක් විපක්ෂයේ දේශපාලන පක්ෂවල මාසික ගෙවිම් ලබන අය වන අතර කිහිප දෙනෙකුම විදේශ වල සිට මෙම් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන අතර එය රටතුල සිටින කණ්ඩායම් විසින් පතුරුවා හැරිමට කටයුතු කරන බව අනාවරණය වි තිබේ.

යම් අයෙකු අසත්‍ය පුවත් පළ කරමින් ජනතාව කලබලයට පත් කරන්නේ නම් එය පොලිස් ආඥා පනතේ 98 වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.