counter hit xanga

අභියෝග මැද බලාපොරොත්තු ඉටු කිරීමට බැඳී සිටිනවා!

Last Updated on June 25, 2021 by Desman Chathuranga

රටේ ජනගහනයෙන් එක් කෝටි තිස් ලක්ෂයකට මේ වසරේ සැප්තැම්බර් මාසය වනවිට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් කියා සිටියා.

කොරෝනා වසංගතය කොයිතරම් අභියෝගයක් වුවත් ඒ අභියෝගය බාර ගෙන ජනතාවගේ අරමුණු ඉටු කිරීමට හැකි උපරිමයෙන්ම කටයුතු කරන බවයි ජනපති එහිදි අවධාරණය කළේ.

මේ අරමුණු ඉටුකර ගැනීමට බුද්ධිමත් ජනතාව තමාටත් තම රජයටත් දිගටම සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවැසූ ජනාධිපතිවරයා රටට සෞභාග්‍ය උදාකර ගත හැක්කේ සියලු දෙනා නිසි සැලැස්මක් ඇතිව වෙහෙස වී වැඩ කළහොත් පමණකැයි ද සඳහන් කළේ.

ජනතාව තමා ජනාධිපති තනතුරට පත් කළේ විශාල බලාපොරොත්තු ඇතුව බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා මොන තරම් බරපතළ ප්‍රශ්න මැද්දේ වුවත් ඒ බලාපොරොත්තු ඉටු කිරීමට තමා බැඳී සිටින බවද අවධාරණය කළා.

පුද්ගල ප්‍රතිරූප පිම්බීම සඳහා ප්‍රචාරණ කටයුතු නොකළාට ආණ්ඩුවක් කරන වැඩ ගැන ජනතාව දැනුවත් විය යුතු බවත් එසේ නොවුණහොත් දේශපාලන අවශ්‍යතාව මත වැරදි තොරතුරු ජනගත කිරීමට ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට අවස්ථාව ලැබෙනු ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා

සමාජ මාධ්‍යවල ප්‍රශ්න කෙරුණේ ප්‍රශ්නගත සිද්ධීන් පමණක් බවත් කොරෝනා අර්බුදය මැද රජය කරගෙන ගිය සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට ජනතාවට ලැබුණු ප්‍රතිලාභ ගැන කිසිවකුත් කතා නොකළ බවද පෙන්වා දුන්නා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කල විශේෂ ප්‍රකාශය….