counter hit xanga
October 22, 2021

X Press Pearl නැවෙන් වන්දි පිට වන්දි!

Last Updated on June 14, 2021 by Panduka Herath

ගිනිගැනීමෙන් විනාශ වූ X Press Pearl නෞකාවෙන් හානී වූ පුද්ගලයන්ට තනි තනිවම වන්දි ඉල්ලා සිටීමට අවස්ථාව ලබාදීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥා අලී සබ්රි මහතා පවසයි.

අද (14) අධිකරණ අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කිරිමට කටයුතු කරමින් සිටින බවයි.ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු බලපෑම හා හානිය සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි වන්දි ලබා ගැනීම හා ඊට අදාළ නෛතික කටයුතු සිදු කිරීම සඳහා නීතිපතිවරයාට අවශ්‍ය සහාය ලබාදීම සදහා මෙම සාකච්ඡාව පැවැත්වුනා.

X Press Pearl ගිනි ගැනිම හේතුවෙන් පීඩාවට පත්වු බව ඔප්පු කල හැකි අයට මේ සදහා හිමිකම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති අතර නීතිපතිවරයා කල ඉල්ලිමකට අනුව හිමිකම් පාන පුද්ගලයන් පිළිබදව කටයුතු කිරීමට තවත් කමිටුවක් පත්කළ බවත් අමාත්‍යවරයා එහිදි කියා සිටියා.

X Press Pearl නෞකාවේ ඇති වු ගින්නෙන් මෙරටට සිදු වු හානිය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සදහා අදාළ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සාකච්ඡා කරමින් සිටින බවත් මේ වන විටත් සිදු වු හානිය සම්බන්ධයෙන් පළමු අතුරු හිමිකම් පෑමක් ලෙස මැයි මස 23 වැනි දින සිට ජුනි මස 03 වන දින දක්වා දින දහයක කාලය තුළ රජයේ ආයතනවලට වැය වු වියදම් හා රටට වු හානිය පිළිබඳව වන්දියක් ඉල්ලා ඇති බවත් අමාත්‍යවරයා එහිදි අනාවරණය කළා.